Saturday, June 23, 2012

EFI පරිගණක වල ළිනුක්ස් ස්තාපනය

2 comments
EFI බූට් ලෝඩර සහිත පරිගණක වල අලුතින් එන ලිනුක්ස් සන්ස්කරණ් ඉන්ස්ටෝල් කලාට සමහරවිට හරියට ක්‍රියා කරන්නේ නෑ..  එකට හේතුව තමයි දෑන් එන ලිනුක්ස් ගොඩක් එවගේ තියෙන්නෙ grub2 වීම.

…රෝග ලක්ශණ් -

බූට් මෙනු එක කොහොමටවත් නොපෙනියාම
…ඩුවල් බූට් කල විට වින්ඩෝස් නොපෙනී යාම











…මේකට හොදම විසදුම තම් legacy grub වලින් බුට් ලොඩරය සකසා ගෑනීම..  ලිනුක්ස් මින්ට්, උබුන්ටු වල කරන්නෙ මෙහෙමයි... (rpm based ෆෙඩොරා වලට අවශ්ය නෑ එයා මූලික්ව ස්වයන්ක්‍රීයව සකසා ගන්නවා )





…මේක මමත් දෑන ගත්තෙ ගූගල් එකෙ වෙබ් සයිට් ගොඩක් බලලා.. ඒ ඔක්කොම එකම තෑනක ලිව්වීමයි මේ ලිපියේ අරමුණ..

…පළමුව වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න.. ඉන්පසු උබුන්ටු බූට් කරන්න,,,

…පාටිශන් සෑදීම මෙ විදිහට කරන්න..


එකක් හදන්න මෙගාබයිට 256 තියල එකෙ බූට් ඔප්ශන් එක විදිහට /boot සහ ෆොමෑට් එක  ext2 දෙන්න
…තව එකක් හදන්න එය තමා ඔයාගෙ සාමන්ය පාටිශන් එක.. එකට ටයිප් එක ext4 දීල බූට් ඔප්ශන් එක විදිහට / (ස්ලෑශ් ලකුන දෙන්න ..)

බූට් ලෝඩර් එක ඉන්ස්ටෝල් කරන්න ඔනි තෑනට අර මෙගා බයිට් 256 පාටිශන් එක දෙන්න.. ඉලගට සාමන්ය පරිදි ඉන්ස්ටෝල් කරන්න.. හෑබයි රීස්ටාර්ට් කරන්න එපා.. :D

දෑන් ටර්මිනලය ඔපන් කරගන්න..  එකෙ fdisk -l ගහල තියන පාටිශන් ටික කොලෙක කොකටත් කියල සටහන් කරගන්න.. :)

ඉන් පසු පහත පිලිවෙලට ඈතුලත් කරන්න.. මතක තිය ගන්න මට ලොකු පාටිශන් එක sda 5 ආවට /boot එක sda6 කියල ආවට ඔයාට එන්නෙ වෙන එකක්. එක එවිදිහට  වෙනස් කරල ටයිප් කරන්න..

su -   (මෙතනදී පාස්වර්ඩ් ලබාදෙන්න )
mkdir /mnt/sda5
mount /dev/sda5 /mnt/sda5
cd /mnt/sda5
mount /dev/sda6 ./boot
mount –bind /sys ./sys
mount –bind /proc ./proc
mount –bind /dev ./dev
chroot .

දෑන් පරිගනකය අන්තර්ජාලයට සම්බන්ද කරන්න..  ඉන්පසු මේ පිලිවෙලට යන්න...

apt-get update
apt-get install grub
update-grub (මෙවිට /grub/menu.lst  එකක් හදන්න අවසර ඉල්ලාවි.. එකට y ටයිප් කර එන්ටර් කරන්න )
grub-install /dev/sda6

මෙ අන්තිමට තියන එක ගෑහුවම Not found or not a block device කියල එකක් ආවොත් මෙහෙම කරන්න.

exit කියල  ගහල root එකෙන් ඉවත් වෙන්න..  ඉන් පස්සෙ අයෙ mount | tail -l ගහල /boot එකෙ ඉස්සරහ එකට අදාල එක පෙලිය තියන ලොකු එක කොපි කර ගන්න..

උදා :-

dev/sda5 on /media/a71fb74d-1fa2-5602-afbc-0b171c0f415 type ext2 (rw,nosuid,nodev,uhelper=udisks)




මෙකෙ   /media/a71fb74d-1fa2-5602-afbc-0b171c0f415  කියන කෑල්ලට අදාල ඔයගෙ එකෙ කොටස කොපි කරගන්න (එක තමා එ පාටිශන් එකෙ සිරියල් එක )


දෑන් මෙහෙම ටයිප් කරල එන්ට කරන්න..

sudo grub-install --root-directory=/media/a71fb74d-1fa2-5602-afbc-0b171c0f415 /dev/sda


ඉන් පස්සෙ රිස්ටාට් කරන්න.. බොහොවිට එවි grub cerrupted කියල එකක්.. ගනන් ගන්න එපා.. තාම වෑඩෙ ඉවර නෑ.. :D එහෙම එන්නෙ නෑතුව නිකන්ම් වින්ඩොස් වලට ගියොත් එහෙම අන්තිම පියවරට යන්න..

වින්ඩෝස් ඩිස්ක් එක අරන් එක බූට් කරන්න.. එකෙ Repair this computer ගිහින් command prompt එක ගන්න..  එකෙ මෙ පිලිවෙලට ටයිප් කරන්න..

…1) c:
2) cd boot
3) bootrec /fixmbr
4)bootrec /fixboot

දෑන් රිස්ටාට් කරන්න නිකන්ම වින්ඩෝස් වලට යාවි..


…අන්තිම පියවර... 

…EasyBCD ඩවුන්ලෝඩ් කරගන්න.. එක ඉන්ස්ටෝල් කරන්න.. එක ඔපන් කරල එකෙ වම් පෑත්තෙ තියෙන "Add new Entry" කියන ඔප්ශන් එක තොරන්න,,

…එහි Linux/BSD ටෑබ් එක තොරන්න..
…type  = GRUB(Legacy)
Name = ඔබ කෑමති නමක්
…පාටිශන් එක විදිහට ඔබ සෑදූ මෙගා බයිට 256 එක දෙන්න..

…Add new Entry"  කියන එක ක්ලික් කර සෙව් කරන්න..

…දෑන් රීබූට් කලාම වින්ඩෝස් , උබුන්ටු දෙකම පෙනව.. Problem Solved :D

සුභ දවසක් :)


Thursday, June 21, 2012

Game Console ද game PC ද?

4 comments
කාලෙකට පස්සෙ ලියන පෝස්ට් එකක්.. දෑන් ගොඩක් අය කෑමති මෙ xbox , PS3 ගේම් ගහන්න ටෙක්කතා වලිනුත් මේගෑන ප්‍රස්න අහල තිබ්බ.. මෙ මම කියන්න යන්නෙ කොන්සොල් ගේම්ස් ගෑන මට හිතෙන දේ...





xbox එකයි PS3 එකයි දෙකම ගත්තම ටිකක් පරණ උපකරණ් දෙකක්.. දෙකේම තියෙන්නෙ ටිකක් පරණ හාර්ඩ්වෙයා නෙ,, නමුත් දෑනට එන ඔනිම ගේම් එකක් කිසි අවුලක් නෑතිව ප්ලේ කරන්න පුලුවනි.. එකට හෙතුව තමයි කොන්සොල් වලට හදන ගේම්ස් එවටම ඔප්ටිමයිස් කරල හදන නිසා, PC වලට හදන කොට හාඩ්වෙයා ගොඩකට සරිලන විදිහට සෑදිය යුතු නිසා හෑම එකෙන්ම උපරිම දාරිතාවය ලෑබෙන්නෙ නෑ... අනිත් ප්‍රදානම් දේ තමා මේ දෙකම ගෙමස් ප්ලෙ කරන්නෙ 1280x720 HD Ready කියන පික්සෙල් ප්‍රමාණයෙන් එනිසා ගොඩක් ගේම්ස් ප්ලේ කරන්න පුලුවනි.. (ඔව් එකෙ 1920x1080 සිලෙක්ට් කරන්න පුලුවන් තමා නමුත් එකෙදි වෙන්නෙ අප්ස්කේල් වෙන එක මිසක් සෑබෑ පික්සෙල් ප්‍රමාණය නෙමෙයි )


සමාන්යයෙන් හාඩ් ඩිස්ක් සමග එන මෙමේ වර්ගයෙ කොන්සොල් එකක් මිල රුපියල් 40000ක් පමණ වෙනව. නමුත් මෙවා පරණ් බව මතක තියාගන්න.. ලගදීම අලුත් xbox, ඵ්S ඊලග නිකුතුව එනවා එතකොට දෑන් තියන එව නවත්වනව.. එවට ගේම්ස්  අඩුවෙන්ව.. ඊලගට එන කොන්සොල් සාමන්යයෙන් 90000ක් පමණ් මිල වෙනව.. එනිසා මම හිතන්නෙ තමුන්ට සල්ලි ගොඩාක් නෑත්නම් කොන්සොල් ගන්න එක අපරාදයක් කියල..
……
……එහෙනම් මොකක්ද හොදම ඔප්ශන් එක?? මම නම් කියන්නෙ ගේමින් වලට පිසි එකක් ගන්න එක.. එත් එක්කම තමුන් ගේ තොරා ගෑනීම පරිදි xbox, PS3 හෝ වෙනත් කොන්ට්‍රොලරයක් මිලදි ගෑනීම්.. ඔව් මම දන්නව ඔබ දෑන් හිතන දෙ.. ඔව් xbox, PS3 controllers කිසි ගෑටලුවක් නෑතිව පිසී වලට සම්බන්ද කරල ගේම්ස් ප්ලෙ කරන්න පුලුවන්, xbox පිසී එකට සවි කර කර ගේම්ස් ගහන්න microsoft ල ඔෆිශියල් ඩ්‍රයිවර් එකක් තියෙනව එක ඩව්න්ලොඩ් කරල ඉන්ස්ටොල් කරගන්න.. කී මෑප් කරන්න xpadder කියන සොෆ්ට්වෙයා එකෙන් පුලුවනි..
PS3 කොන්ට්‍රොලර් වලට නම් MotioninJoy කියන සොෆ්ට්වෙයා එකෙන් සම්බන්ද කරගන්න පුලුවනි..



Download official xbox driver for PC

Download xpadder for mapping keys


Download MotioninJoy for PS3


දෑන් තියන විදිහට් සාමනය ගෙමින් පිසී එකක් හදා ගත්තත් තව අවුරුදු 3ක් විතර කිසි ගෑටලුවක් නෑතිව දුවන්න පුලුවනි.. මම මෙ දවස් වල බලපු හෑටියට මෙවා තමයි සමාන්යයෙන් අපිට දරාගත හෑකි මිලකට තියෙන ගේමින් පිසී..


Budget build :-

Core i3 2100
8GB RAM
DH61 chipset Motherboard
320GB HDD
Nvidia GTX 550
ආසන්න වශයෙන් රුපියල් 60,000ක් පමණ

Mid performance buid :-

core i5 2400 or Xeon E3-1230
8GB RAM
DH61 chipset Motherboard
320GB HDD
Nvidia GTX550ti Direct CU2 or Nvidia GTX560
ආසන්න වශයෙන් 80000ක් පමණ

Premium build :-


Core i7 2600
16GB RAM
DH67 chipset motherboard
320GB HDD
Nvidia GTX560TI Direct CU2 / Nvidia GTX570
ආසන්න වශයෙන් 100,000ක් පමණ


xbox, PS3 ගේම් ප්ලෙ එක්ස්පිරියන්ස් එක ගන්න නම් Budget build එක ඈති.. සල්ලි වියදම් කිරීමෙ ගෑටලුවක් නෑතිනම් premium build එකකට ගියාට කමක් නෑ.. අනිත් දේ තමා 1280*720 පික්සෙල් ප්‍රමාණය ගෙමස් ප්ලේ කරන්න කිසි ගෑටලුවක් නෑ, මොකද කොන්ට්‍රොලර් එක ගත්තම ටිකක් දුරින් ඈස් තිබෙන නිස ඉතා සියුම් පික්සෙල් ඈදීම් කිසි විටෙක ගෑටලුවක් වෙන්නෙ නෑ,, මම මා ලග තියෙන අගල් 24 1920*1080 මොනිටරයෙ 1280*720 ප්ලෙ කලා එච්චර වෙනසක් නෑ මොකද ඈස දුරුන් තියෙන නිස ෆොකස් වීම් ඈස ලගින් තියෙනවට වඩා අඩු නිස..

මම අදහස් කරන්නෙ 1920*1080 ප්ලෙ කරන්න බෑ කියල නෙමෙ.. අපොයි පුලුවනි,.,. කිසි ගෑටලුවක් නෑ..තවද අපි තෙරුම් ගත යුතු කාරණයක් තමා අපෙ පරිගණක වල හෑකියාව අඩුවීමට ප්‍රදාන හෙතුව හාඩ් ඩිස්ක් එක මිසක් ප්‍රොසෙසරය නොවන බව.. එනිස හොද හාඩ් ඩිස්ක් එකක් තොරාගෑනීම වෑදගත්.. 6Gbps වගෙ ස්පිඩ් තියන් හාඩ් එකක් නම් වඩා හොදයි..  ( හොද උදාහරනයක් තම මගෙ ලෑප්ටොප් එක.. එක එච්චර පවර්ෆුල් එකක් නෙමෙ කෝර් i5 ඩුවල් කොර් එකක්.. VGA Nvidia mobile GT540M.  නමුත් Crysis 2, NFS RUN, Syndicate වගෙ ගේම්ස් කිසි ගෑටලුවක් නෑතුව 1920*1080 ගහන්න පුලුවනි. මම ගෙම් ප්ලෙ වෙනකොට සිපියූ බාවිතය මනින් ටූල් එකෙන් මෑන්නම උපරිම ගිහින් තිබුනෙ 60% වගෙ තමයි.. ලෑප්ටොප් එකක එහෙනම ඩෙස්ක්ටොප් එකක් ගෑන කියන්න ඔනි නෑනෙ.. අනිවා ඊට වඩා අඩු විය යුතුයි... )
……
……තව දෙයක් මෙවිදිහට ගෙම්ස් ගහනව නම් අනිවා අගල් 20ක් වත් මොනිටරය තිබිය යුතුයි.. නෑත්නම් නියම රසය දෑනෙන්නෙ නෑ..
……
……ඔබට සුභ දවසක්.. :)

Thursday, March 8, 2012

Vim එඩිටරය හා C++

1 comments

ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න බැරි උනා. මේක ලියන්න ඔනි වෙලා තිබ්බෙ මීට ගොඩක් කලින්. නමුත් කතාවක් තියෙනවනෙ " යු ආර් නොට් ටූ ඕල්ඩ් ටු ඩූ එනිතින්ග් යූ වෝන්ට් ටු ඩූ " කියාල :P :P






ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ අපිට C++ කරන්න තියෙන්නෙ Linux environment එක උඩ g++ භාවිතයෙන්. ඉතින් ගොඩක් අය Linux කියන දේ දැක්කෙත් SLIIT එකට අවාට පස්සෙ මගෙ හිතෙ.. ඉතින් මෙව්ව ප්‍රැක්ටිස් කරන්න ගෙදර ගිහින් උබුන්ටු, ෆෙඩෝරා දාගත්තම ගොඩක් අයට ගැටලු මතු උනා.... මොනාද ඒ????

  1. vim එඩිටරයේ ලියන C++ ප්‍රෝග්‍රැම් වැඩ නොකිරීම
  2. ncurses වැඩ නොකිරීම
  3. ලියන කෝඩ් පාට නොවීම
  4. උබුන්ටු වලදී ඇරෝ කීස් එබූ විට A B ආදී අකුරු ප්‍රින්ට් වීම.


ඇයි මෙහෙම වෙන්නෙ????

  1. g++ කොම්පයිලරය ඉන්ස්ටෝල් කර නොතිබීම
  2. ncurses යනු C++ වලට අදාල library එකක් නොවේ, එය වෙනම ඉන්ස්ටෝල් කර ගත යුතුයි
  3. දැන් එන අලුත් උබුන්ටු හා ෆෙඩෝරා වල ඇත්තේ සීමා සහිත අසම්පූර්ණ vim එඩිතරයකි.. එනිසා සම්පූර්ණ එක ඉන්ස්ටෝල් කර ගත යුතුය.
  4. ඉහත හේතුවමයි..

මෙව්වා හදා ගන්නෙ මෙහෙමයී....

උබුන්ටු වලදී නම් මේ කෝඩ් ටික ටර්මිනලයේ ඇතුලත් කරන්න ( අන්තර්ජාලය අනිවාර්යයි )

sudo bash ( මෙය ටයිප් කර එන්ටර් කල විට ඔබේ මුරපදය ඉල්ලාවි.. එය ලබා දෙන්න. )

apt-get install g++

apt-get install ncurses-dev

apt-get install vim



ෆෙඩෝරා වලදී....

su - ( මෙය ටයිප් කර එන්ටර් කල විට ඔබේ මුරපදය ඉල්ලාවි.. එය ලබා දෙන්න. )

yum install gcc gcc-c++ make

yum install ncurses-devel

yum install vim-enhanced


දැන් සියලු දෝශ නිවාරණයී :)

Saturday, December 31, 2011

ලිනක්ස් සමඟ තවදුරටත්... ෆයිල් ඇන්ඩ් ෆෝල්ඩර් කමාන්ඩ්ස්...

2 comments
 
සුභ නව වසරක් වේවා සැමටම.... අද රැයෙන් 2011 ඉවර වෙලා 2012 ලබනව... ඉතින් ලබන්නා වු මෙ නව වසර පරිගනක මිල අඩුවන, ඉන්ටර්නෙට් වේග වැඩිවෙන, විදුලි බිල අඩුවන සාමයෙන් සතුටින් පිරි නව වසරක්ම වේවා.... :D




  1. cp fileA fileB මෙහිදි fileA යන ගොනුව fileB ලෙස වෙනත් නමකින් එම fileA පවතින තැනේම සේව් කිරීම සිදුවෙනවා. ඔබට අවැසි නම් වෙන තැනක සේව් කරන්න, fileB ට කලින් පාත් එක ලබා දිය යුතුයි... උදා - cp fileA /media/”disk_drive_name/fileB
  2. cp -r dirA dirB මෙහිදී තනිකරම ෆොල්ඩරය කොපි වීම සිදුවේ...
  3. mv fileA fileB ගොනු හුවමාරු කිරීම... ( මූව් කිරීම )
  4. ls ෆෝල්ඩරයක ඇති සියලුම ෆයිල් සහ ෆෝල්ඩර පෙන්වයි..
  5. ls -al සියලුම සැගවුන ෆයිල් ෆෝල්ඩර පෙන්වයි.
  6. pwd මෙහි තේරුම Print Working Directory යන්නයි. මෙයින් දැනට ඉන්නා ඩිරෙකට්‍රි එක පෙන්වයි.
  7. mkdir folder_name_you_want නව ෆෝල්ඩර සැදීම'
  8. rm filename ෆයිල් මැකීම
  9. rm -r directory_name ෆෝල්ඩර මැකීම
  10. more filename මෙහිදි අදාල ෆයිල් එකේ අන්තර්ගතය පෙන්වයි... ( ටෙක්ස්ට් ෆයිල් ආදිය )


    ඊලග ලිපියෙන් නෙට්වර්ක් සඳහා වැදගත් වන දෑ කිහිපයක් එකතු කරන්නම්..

Monday, December 26, 2011

සන්හිඳ සමඟ අයිෆෝන් එකේ සින්හල ටයිප් කරමු!

3 comments
දැන් ටික වෙලාවකට කලින් තරිඳු සහෝදරයාගෙ ටුවිටරෙන් තමා මේක දැක්කෙ.. මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවනි අයිෆෝන් වල සින්හල ටයිප් කරන්න. මේක හදල තියෙන්නෙ තරිඳු මදුෂන්ක කියල අයියා කෙනෙක්. ෆොනෙටික් ක්‍රමයට තමා ටයිප් කරන්න තියෙන්නෙ. ට්‍රයි එකක් දීල බලන්න... :) මම නම් මෙක ටෙස්ට් කරල බැලුවෙ අයිපොඩ් ටච් එකක... වැ‌ඩ!! "Sanhinda" කියල iTunes එකේ සර්ච් එකක් දාල බලන්න... :)

CLICK HERE TO GO TO iTunes WEB LINK