Wednesday, November 18, 2009

ජීවිතයේ සොඳුරුතම නවාතැන්පල ….

0 comments
ඉපදුණෙමි දිවියේ ආශිර්වාදයේ පහසින් තෙතමනය ලබා ,
ලැබුවෙමි ගින්දරෙහි රක්ත වූ උනුසුමෙහි කලඹා ,
පයෙහි නොගෑවන තරමටම මිහිසක තනවා ,
ජිවිතයේ නවාතැන මට ඔබගෙන් දැනුනා....

දිවියේ මං මාවත් සැකයෙන් පසු කලෙමි ,
ඒ හැර යමක් නොදුටුවෙමි , නොකලෙමි
ජලයේ බොර වූ සේ එළිය දුටුවෙමි ,
අඩ අඳුරේ මෙතක් කල් ගෙවීමි …

මාවත දුරය කටුකය කී නම් හරිය ,
ඇසුනා එබස් ඔබ කී හා මිතුර ,
දැනුනා සිසිල වෑසී රූ දහර ,
මා සිතු ලෙසට වුනි නම් මා අද දෙව්ලොවය ….

නිවසක් සැදීමි ඔබ කිව් ඒ නවාතැනේ ,
ගින්දර ඉවතලා තැබුවෙමි සිසිල් කැටේ ,
ඔබ ගිය දුරක යහතින් සිටිනු දැනේ ,
ඔබේ එක මොහොතින් මගෙ මුලු දිවිය රැඳේ ….............


කවි සිතුවිල්ල by ප්‍රසාද්

විභාගේ 30 වැනිදා නිසා ගෙදර ඉඳන් පාඩම් කරල මහන්සි වෙලාවට ලියපු එකක් .... අවුලක් නෑ නේද???

Sunday, November 15, 2009

Installing softwares inside Linux

3 comments
ලිනක්ස් පාදක කොටගත් මෙහෙයුම් පද්ධති සඳහා DEB හෙවත් ජනප්‍රිය ඩේබියන් ක්‍රමයට බොහෝ මෘදුකාංග ඇතුලත් කරගත හැකිවුවද යම් යම් මෘදුකාංග අපට අන්තර්ජාලයේ සොයා ගැනීමට ලැබෙනුයේ tar ලෙස පමණි. එවිට පහත ක්‍රමය එය සඳහා යොදාගත හැක. පලමුව එම අදාල මෘදුකාංග පද්ධතිය Home Folder වෙතට පිටපත් කරගෙන ටර්මිනලය විවෘත කර ගන්න . ඉන් පසුව පහත වදන් උපයෝගී කරගනිමින් එය ඔබේ ලිනක්ස් පද්ධතියටත් ඇතුල් කරගන්න.

cd (Name of the folder that contains your software)
./configure
sudo make
sudo make install
sudo makecheck

Friday, October 23, 2009

Bisigi Projects for Linux

0 comments
බොහෝ දවසකින් බ්ලොග් ලිවීමට නොහැකි වූ බැවිනුත් අද දින මට නිවාඩු බැවිනුත් යම් කිසි බ්ලොග් සටහනක් තබා යාමට සිත්විණ. Bisigi Projects යනු ලින්ක්ස් පාදක කොටගත් තිර මුහුණත් අලංකරණ පද්ධතියක් වේ . KDE සහිත කුබුන්ටු පද්ධතියට වඩා මෙය GNOME පාදක කොටගත් උබුන්ටු සඳහා යෝග්‍ය වේ යැයි මට සිතේ … මක් නිසාද යත් KDE මෙන් අත්‍යාලංකරණ නොමැති GNOME කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු නොවන බැවිනි . එනමුදු KDE ට වඩා GNOME පද්ධතිය වඩා ස්ථාවර හා පහසු එමෙන්ම වැඩිම උදව් ගනණක් ( Supports ) බව GNOME පාවිච්චි කරන අයගේ මතයයි . මෙම Bisigi Projects මගින් KDE වලට වඩා අලංකාර වූ පහසු සිත් ඇදගන්නා තිර මුහුනත් ලබා ගැනීමේ හැකියාවක් ඇත. අද දින වන විට එහි ඇති තිර මුහුනත් ගණන 38 කි. Google හි Bisigi Projects යන නමින් සෙවුමක් දැමීමේදී ඔබට ලැබෙන පළමු සෙවුමද මෙයයි . මෙය හරියාකාරව ඔබේ ලිනක්ස් පද්ධතිය තුළට ඇතුල් කර ගන්නා අයුරු ලගදීම බලාපොරොත්තු වන්න ,,,,,,,,,,,,,,,,,,,,,

Thursday, October 15, 2009

How to download debian packages easily ...

0 comments

ලිනක්ස් උබුන්ටු හෝ කුබුන්‍ටු පද්ධති යොදා ගත් අයට එන ප්‍රධාන ගැටලුවක් තමා එයට ඕන කරන dependencies සහ lib packages වගේම software debians ( .deb ) ඩවුන්ලෝඩ් කරගන්න හරිහමන් තැනක් නැති වීම .

මේ ගැටලුවට හොඳම පිළිතුර තියන්නේ http://www.packages.ubuntu.com කියන ලින්ක් එකේ තියෙනවා . මේකේ ඕගොල්ලන්ට ඕන කරන ඕනම .deb ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි . :ඩී

Saturday, October 3, 2009

Viewing sinhala in ubuntu or kubuntu

0 comments
කුබුන්ටු හා උබුන්ටු සඳහා සිංහල අකුරු පැමිණියද කුබුන්ටු හිදී එය නිවැරදිව ක්‍රියා කරන නමුත් උබුන්ටු හිදී එය නිවැරදිව ක්‍රියා නොකරයි . නමුත් මේ දෙකෙහිම සිංහල යතුරු ලියනය කල නොහැක . ඒ සදහා සිංහල යුනිකේත පද්ධතියක් සම්බන්ධ කර ගත යුතුය . මේ සඳහා සයුර සකසා ගන්නා අයුරු පෙර ලිපියේදී මවිසින් දක්වන ලදී . මෙවර මෙහි දැක්වෙනුයේ සිංහල අකුරු නිවැරදිව දර්ශණය කරගන්නා අයුරු සකසා ගන්නා අයුරු වේ . ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න ...

1) First open the terminal in ubuntu or konsole in kubuntu .

2) Then type sudo bash and enter your login password to computer there when promped .

3) Then type apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule im-switch scim-m17n m17n-db m17n-contrib .

4) Type "y" when promped to yes or not .

5) Next type apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule im-switch scim-m17n m17n-db m17n-contrib language-pack-si-base .

6) Type "y" when promped to yes or not .

7) After all downloaded and installed type " exit " .

8) Finally type rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s scim-immodule

9) Then again type " exit " and restart .

මෙයින් පසු ඔබට සියලුම සිංහල අකුරු බාධාවකින් තොරව දැකබලා ගත හැක .......