Thursday, March 8, 2012

Vim එඩිටරය හා C++

1 comments

ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න බැරි උනා. මේක ලියන්න ඔනි වෙලා තිබ්බෙ මීට ගොඩක් කලින්. නමුත් කතාවක් තියෙනවනෙ " යු ආර් නොට් ටූ ඕල්ඩ් ටු ඩූ එනිතින්ග් යූ වෝන්ට් ටු ඩූ " කියාල :P :P






ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ අපිට C++ කරන්න තියෙන්නෙ Linux environment එක උඩ g++ භාවිතයෙන්. ඉතින් ගොඩක් අය Linux කියන දේ දැක්කෙත් SLIIT එකට අවාට පස්සෙ මගෙ හිතෙ.. ඉතින් මෙව්ව ප්‍රැක්ටිස් කරන්න ගෙදර ගිහින් උබුන්ටු, ෆෙඩෝරා දාගත්තම ගොඩක් අයට ගැටලු මතු උනා.... මොනාද ඒ????

  1. vim එඩිටරයේ ලියන C++ ප්‍රෝග්‍රැම් වැඩ නොකිරීම
  2. ncurses වැඩ නොකිරීම
  3. ලියන කෝඩ් පාට නොවීම
  4. උබුන්ටු වලදී ඇරෝ කීස් එබූ විට A B ආදී අකුරු ප්‍රින්ට් වීම.


ඇයි මෙහෙම වෙන්නෙ????

  1. g++ කොම්පයිලරය ඉන්ස්ටෝල් කර නොතිබීම
  2. ncurses යනු C++ වලට අදාල library එකක් නොවේ, එය වෙනම ඉන්ස්ටෝල් කර ගත යුතුයි
  3. දැන් එන අලුත් උබුන්ටු හා ෆෙඩෝරා වල ඇත්තේ සීමා සහිත අසම්පූර්ණ vim එඩිතරයකි.. එනිසා සම්පූර්ණ එක ඉන්ස්ටෝල් කර ගත යුතුය.
  4. ඉහත හේතුවමයි..

මෙව්වා හදා ගන්නෙ මෙහෙමයී....

උබුන්ටු වලදී නම් මේ කෝඩ් ටික ටර්මිනලයේ ඇතුලත් කරන්න ( අන්තර්ජාලය අනිවාර්යයි )

sudo bash ( මෙය ටයිප් කර එන්ටර් කල විට ඔබේ මුරපදය ඉල්ලාවි.. එය ලබා දෙන්න. )

apt-get install g++

apt-get install ncurses-dev

apt-get install vim



ෆෙඩෝරා වලදී....

su - ( මෙය ටයිප් කර එන්ටර් කල විට ඔබේ මුරපදය ඉල්ලාවි.. එය ලබා දෙන්න. )

yum install gcc gcc-c++ make

yum install ncurses-devel

yum install vim-enhanced


දැන් සියලු දෝශ නිවාරණයී :)

Saturday, December 31, 2011

ලිනක්ස් සමඟ තවදුරටත්... ෆයිල් ඇන්ඩ් ෆෝල්ඩර් කමාන්ඩ්ස්...

2 comments
 
සුභ නව වසරක් වේවා සැමටම.... අද රැයෙන් 2011 ඉවර වෙලා 2012 ලබනව... ඉතින් ලබන්නා වු මෙ නව වසර පරිගනක මිල අඩුවන, ඉන්ටර්නෙට් වේග වැඩිවෙන, විදුලි බිල අඩුවන සාමයෙන් සතුටින් පිරි නව වසරක්ම වේවා.... :D




  1. cp fileA fileB මෙහිදි fileA යන ගොනුව fileB ලෙස වෙනත් නමකින් එම fileA පවතින තැනේම සේව් කිරීම සිදුවෙනවා. ඔබට අවැසි නම් වෙන තැනක සේව් කරන්න, fileB ට කලින් පාත් එක ලබා දිය යුතුයි... උදා - cp fileA /media/”disk_drive_name/fileB
  2. cp -r dirA dirB මෙහිදී තනිකරම ෆොල්ඩරය කොපි වීම සිදුවේ...
  3. mv fileA fileB ගොනු හුවමාරු කිරීම... ( මූව් කිරීම )
  4. ls ෆෝල්ඩරයක ඇති සියලුම ෆයිල් සහ ෆෝල්ඩර පෙන්වයි..
  5. ls -al සියලුම සැගවුන ෆයිල් ෆෝල්ඩර පෙන්වයි.
  6. pwd මෙහි තේරුම Print Working Directory යන්නයි. මෙයින් දැනට ඉන්නා ඩිරෙකට්‍රි එක පෙන්වයි.
  7. mkdir folder_name_you_want නව ෆෝල්ඩර සැදීම'
  8. rm filename ෆයිල් මැකීම
  9. rm -r directory_name ෆෝල්ඩර මැකීම
  10. more filename මෙහිදි අදාල ෆයිල් එකේ අන්තර්ගතය පෙන්වයි... ( ටෙක්ස්ට් ෆයිල් ආදිය )


    ඊලග ලිපියෙන් නෙට්වර්ක් සඳහා වැදගත් වන දෑ කිහිපයක් එකතු කරන්නම්..

Monday, December 26, 2011

සන්හිඳ සමඟ අයිෆෝන් එකේ සින්හල ටයිප් කරමු!

3 comments
දැන් ටික වෙලාවකට කලින් තරිඳු සහෝදරයාගෙ ටුවිටරෙන් තමා මේක දැක්කෙ.. මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවනි අයිෆෝන් වල සින්හල ටයිප් කරන්න. මේක හදල තියෙන්නෙ තරිඳු මදුෂන්ක කියල අයියා කෙනෙක්. ෆොනෙටික් ක්‍රමයට තමා ටයිප් කරන්න තියෙන්නෙ. ට්‍රයි එකක් දීල බලන්න... :) මම නම් මෙක ටෙස්ට් කරල බැලුවෙ අයිපොඩ් ටච් එකක... වැ‌ඩ!! "Sanhinda" කියල iTunes එකේ සර්ච් එකක් දාල බලන්න... :)

CLICK HERE TO GO TO iTunes WEB LINK






Sunday, December 25, 2011

දෙවන වරටත් කෙලැවීම... :( :(

2 comments
  ඊයේ රාත්‍රියෙ උත්සවාකාරයෙන් නත්තල් තෑගි ලබාදීම http://www.doenets.lk/ හිදි සිදුවූ අතර දෙවන වරටත් කෙලවිමෙ ත්යාගය ලබා ගැනිමට මම සමත් වු බව ඉතාම (අ)සතුටින් ප්‍රකාශ කර සිටිමි. මෙ සම්බන්දයෙන් ඉතාම (අ)සතුටට පත් මාගෙ දෙමාපියන් එම (අ)සතුට නිසාම ගල් ගැසි කිසිදු වදනක් මා සමග නොපසවමින් මා වෙත වෙනදාට ලගට ගෙනැවිත් දෙන බත් පත, තේ කොප්ප, පීරිසි පවා සතුටින් කැරකි ගුවනින් ලගටම එවන තත්වයක් උදාවි ඇත.  මෙ සියලු අකාරයේ සන්තෝශ ජනක ක්‍රියාවන් නිසා සතුට දරා ගැනිමට නොහැකිව මගේ හර්දයේ කිරිටක ධමනි අකර්මණය වී හර්දයද වේදනා දෙයි,,, අනෙ අම්මපා මෙහෙව් සතුටක්.......  :( :( :( :(




   මේ ඉතා සන්තොශජනක ක්‍රියා නිසාම අද උදැසන මාගෙ මව් පිය උතුමෝ, රජයේ විශ්ව විදයාල සිහිනය අතහැර දැනට කරගෙන යන SLIIT එකටම යන දෙසට ඔවදන් ලබා දුන් අතර, මම ක්‍රිස්තියානි නොවන බැවින් යලි නත්තල තැගි ලැබිමටද මට කැමැත්තක නැත... එනිසා අයෙත් .....

අනේ දෙවියනේ.... මට නම් ආයෙ අපොස උසස් පෙළ බැරියෝ.......... :( :( :(

Thursday, November 17, 2011

ලිනුක්ස් හි ටර්මිනලයේ භාවිත වන මූලික විධාන ( ගොනු හැකිලීම හා දිග හැරීම් )

0 comments


ලින්ක්ස් සන්ස්කරන වල ඇති මේ ටර්මිනලය හෙවත් Command Line Interface එකේ ගොඩක් අය වැඩ කරන්න හරි බයයි. මොකද අයිකන් එහෙමනෑනේ.. ඔක්කොම තියෙන්නේ ටයිප් කරන්න නිසා. එහෙම බය වෙන්න දෙයක් නෑ. හරිම සාමාන්යයි. සාමාන්යයෙන් ටර්මිනලය ඕපන් කර ගමන් ඉන්නේ Home ෆෝල්ඩරය ඇතුලේ. අපිට ඒකෙන් වෙන තැනකට යන්න ඕනි වෙන කොට cd ලෙස ටයිප් කර අදාල ෆෝල්ඩරය නම ටයිප් කලාම හරි. මෙහි cd හි තේරුම change directory යන්නයි.

උදා - අපි හිතමු Home ෆෝල්ඩරේ අතුලේ තියෙන Movies කියලා ෆෝල්ඩරයකට යන්න ඕනි කියල. එතකොට ටයිප් කල යුත්තේ..

cd Movies  මෙලෙස ට්යිප් කර Enter බොත්තම එබීම් පමණ්යි.

හොදයි, අද බලමු ටර්මිනලය ඇතුලේ ගොනු හැකිලීම හා දිග හැරීම් කරනෙනේ කොහොමද කියලා.  මෙහි දැක්වෙන tar,bz2 හා gz යනු එලෙස ගොනු හැකිලීමට යොදගන්නා ෆයිල් එක්ස්ටෙන්ශ්න් වේ.

1)“bzip filename” – .zip වලින් ගොනු හැකිලීම කරයි
2)“tar cf targer.tar filename1 filename2 filename3” –  පසුව දක්වා ඇති filename1,2,3 යන ඒවා target.tar ලෙස හකුලයි. ( ඔනෑම ෆයිල් ගනනක් භාවිතා කල හැක. )
3)“tar xf filename.tar” – tar ගොනුව දිගහරී.
4)“tar czf target.tar.gz filename” – Gzp.tar සැකසුම සහිත හැකිලීම සිදුකරයි.
5)“tar xzf file.tar.gz” –tar.gz ගොනුව දිග හරී
6)“tar cjf target.tar.bz2 filename” – Bz2 ලෙස සිප් වූ ගගොනුවක් සාදයි.
7)“tar xjf file.tar.bz2” – Bz2 ගොනුව දිග හරී
8)“gzip filename” – .Gz සිප් ගොනුවක් තන්යී.
9)“gzip –d filename.gz” – .Gz සිප් ගොනුව දිගහරී.