Tuesday, December 22, 2009

Complete TASK MANAGER for NOKIA Series60 phones

2 comments
ඔබේ නොකියා ජංගම දුරකථනයේ සියලුම PROCESS පෙන්වන ඒවා අවහිර වී නම් නැවැත්විමට EPOCWARE සමාගමේ Handy Taskman 1.00 මෘදුකාංගය යොදා ගත හැක. DOWNLOAD IT HERE !!!

මෙය REGISTER කර ගැනීමට පහත අංකය යොදන්න . 57923024 – 40339506

Blocking incoming calls in NOKIA Series60 phones

0 comments
ඔබට අවශ්‍ය ලෙස ඔබට අනවශ්‍ය හා කරදරකාරී පුද්ගලයන්ගේ දුරකතථන ඇමතුම් වලක්වා ලීමට EPOCWARE සමාගමේ Handy Blacklist 3.03 මෘදුකාංගය යොදා ගත හැක. DOWNLOAD IT HERE !!!

මෙය REGISTER කර ගැනීමට පහත අංකය යොදන්න . 57758988 - 39971378

Turning the camera sounds OFF !!!

9 comments
ඔබේ ජංගම දුරකථනයේ ඇති කැමෙරාවේ හඬ නැති කිරීමට පහත LINK එක අනුගමනය කර එම මෘදුකාංගය දුරකථනයට ස්ථාපනය කරන්න. DOWNLOAD PATCH!!!

Installing phone softwares with expires certificates !!!

0 comments
ඔබේ ජංගම දුරකථනයට විවිධ වර්ගයේ මෘදුකාංග ස්ථාපනය කිරීමේදී ඔබට නොයෙක් වර Expired Certificate. Contact your system administrator ! යන අයුරින් දක්වා එම මෘදුකාංග ස්ථාපනය කිරීම නවත්වන්න ඇති . දැන් එසේ කිරීම අවැසි නැහැ. දැන් ඒ සදහා BinPDA සමාගමේ SEMAN 1.1 යන මෘදුකාංගය ස්ථාපනය කිරීම සෑහේ. DOWNLOAD IT HERE !!!

එය ඔබේ දුරකථනයේ ස්ථාපනයෙන් අනතුරුව එම මෘදුකාංගය විවෘත කර එහි OPTIONS වල ඇති Turn plat. Security OFF යන යෙදුම තොරන්න. ඉන්පසු Install Root Certificate යන යෙදුම තෝරන්න, ඉන්පසු මෙම මෘදුකාංගය ඔබේ දුරකථනයේ තිබෙන තාක් ඔබට ඕනෑම මෘදුකාංගයක් ස්ථාපනය කල හැක.

Monday, December 7, 2009

Unlocking the LOCK CODE of Nokia mobile phones !!!

2 comments

නොකියා ජංගම දුරකථන පමණක් නොව ඕනෑම ජංගම දුරකථනයක් භාවිත කරන ඕනෑම අයකුට ඇතිවිය හැකි අවශ්‍යතාවයකි මෙය . මෙම ගැටලුවට බොහෝ ලෙසම මුහුණපානුයේ යහලුවන්ගෙන් හෝ වෙනයම් ක්‍රමයකින් පාවිච්චි කරන ලද ජංගම දුරකථන මිලයට ගන්නා අයයි . මෙහි මා විසින් දක්වනුයේ එසේ නොදන්නා කමින් හෝ අමතකවීමකින් එම අංකය නැති අය සඳහා එම අංකය යලි සොයාගැනීමට අකාරයකි.... මෙය මවිසින් අත්හදා බැලූයේ නොකියා 6120c වර්ගයේ ජංගම දුරකථනයකින් බව සලකන්න , තවද මෙය සඳහා වින්ඩෝස් අත්‍යවශ්‍ය වේ .. :(

පළමුව ඔබ විසින් Nokia PC Suite ඔබේ පරිගණකයට ස්ථාපනය කරගත යුතුය . ඉන්පසු ඔබේ ජංගම දුරකථනය ඩේටා කේබලය මඟින් පරිගණකයට සම්බන්ධ කොට එහි PC Suite යන යෙදුම තෝරන්න. ඉන්පසු ස්වයංක්‍රීයව සිදුවන ස්ථාපනය කිරීම් වලට ඉඩදී මඳක් බලා සිට පරිගණකයෙන් ඔබේ ජංගම දුරකථනය විසංධි කරන්න.

මීළඟ පියවර සඳහා Nemesis Service Suite 1.0.38.15 යන මෘදුකාංගය අවශ්‍ය වේ. එය ඔබට මෙම ලින්ක් එක අසුරෙන් බාගත හැකිය . DOWNLOAD IT HERE !!!


එම මෘදුකාංගය ස්ථාපනය කිරීමේදී සිදුකල යුතු අකාර 5ක් ඔබට දක්වයි. එයින් ඔබ තෝරා ගත යුත්තේ USB VIRTUAL DRIVE යන යෙදුමයි. එය ස්ථාපනයෙන් අනතුරුව එම මෘදුකාංගය විවෘත කරගන්න. ඔබේ ජංගම දුරකථනයද පළමු ලෙස ඩේටා කේබලය මඟින් සම්බන්ධ කර ගන්න. ඉන්පසු NEMESIS මෘදුකාංගයේ ඉහළ දකුණු කෙළවරේ ඇති "scan for new device " යන බොත්තම ඔබන්න . එවිට ඔබේ දුරකථනය පරිගණකය විසින් හඳුනාගනී. ඉන්පසුව ඉන් පහළ තීරුවේ වමට වන්නට ඇති " phone info" යන බොත්තම ඔබන්න. ඉන්පසු එයට මඳක් ඔබ්බෙන් ඇති "permanent memory" යන ටැබය තෝරන්න. පසුව එහි ඇති READ යන බොත්තම ඔබන්න. ඉන්පසු පරිගණකය විසින් ඔබේ ජංගම දුරකථනය කියවා යම් ටෙක්ස්ට් ෆයිල් එකක් සෙව් කල තැනක් පෙන්වාවි. එය විවෘත කරගෙන එහි පහලට ගොස්
5=31313131310000000000 වැනි පෙලක් ඇති එය සොයාගන්න. එහි ඇති 3 ඉලක්කම් සහ අග ඇති 0 ඉලක්කම් මකා දැමූ විට LOCK CODE එක ලැබේ. මෙහිදී එය 11111 වේ... මෙය LOCK CODE සිවීමේ නිවැරදිම ක්‍රමයකි . ඔබේ අතපසු වීමකින් සිදුවන හානි සඳහා වග නොකියන බව කරුණාවෙන් සලකන්න …