Monday, March 22, 2010

Huawei E1550 on Ubuntu

2 comments
මොබිටෙල් සමාගමෙන් ඔවුන්ගේ 3.5G අන්තර්ජාල පහසුකම් සමඟ සපයන විට මා වැනි අඩු මිල සොයන්නන් සඳහා ඔවුන් සතු ලාඟම ඩොන්ගලය වන Huawei E1550 උපකරණය සපයයි. මිලට සාපේක්ශව වැඩි කාර්යක්ශමතාවක් ඇති මෙම උපකරණය micro SD මෙමරි චිපයක් ඇතුලු කිරීමේ සහ 3.6MBPS දක්වා ඉහළ වේගයකට සහයෝගීතාව දක්වයි. මේ නිසා ඩොන්ගලය සමඟ අමතරව තචත් පෙන් උපකරණ රැගෙන යාමේ අවහිරතාව මින් මඟ හැරේ. මෙය උපතින්ම වින්ඩෝස් සඳහා නිපැයුවක් අතර ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග සංයුක්ත තැටයකින් තොරව එම උපකරණයේම ROM Drive තුල අන්තරිගත කර ඇත. සැබැවින්ම මෙය කරදර රහිත all-in-one උපකරණයකි. මෙය උබුන්ටු පද්ධති තුල ස්ථාපනයට පහත පියවර අනුගමනය කරන්න.

ඔබේ උබුන්ටු 9.10 ට වඩා පැරණි නම් පහත කේතය ටර්මිනලයේ ඇතුලත් කරන්න.
sudo apt-get install udev-extras

ඉන්පස එහිම පගත කේතය ඇතුලත් කරන්න.
gksu gedit /etc/udev/rules.d/15-huawei-e1550.rules

ඉන්පසු ස්වයංක්‍රීයව විවෘත වන gedit මෘදුකාංගයේ පහත සඳහන අලවා සේව් කරන්න.
SUBSYSTEM=="usb",
SYSFS{idProduct}=="1446",
SYSFS{idVendor}=="12d1",
RUN+="/lib/udev/modem-modeswitch --vendor 0x12d1 --product 0x1446 --type option-zerocd"

දැන් ඔබ ඩොන්ගලය ඇතුලු කර Network Manager හි Mobile Broadband ටැබයෙන් අලුත් connection එකක් සාදා ගන්න. කරුණාකර ඔබේ අදහස් පල කරන්න........

Wednesday, March 17, 2010

FFmpeg installing ...

1 comments
ලිනුක්ස් මෙහෙයුම් පද්ධති සඳහා ඇති හොඳම බහුමාධ්‍ය පරිවර්තකයක් ලෙස මෙම මෘදුකාංගය හැඳින්විය හැක. ඔබේ පරිගනකයද මෙම මෘදුකාංගය සථාපනය කිරීමට පහත පියවරයන් පිලිවලින් ඔබේ ටර්මිනලයෙහි ඇතුලත් කරන්න.

1) පෙර අක්‍රීය සැකසුම් ඉවත් කිරීමට...

sudo apt-get remove ffmpeg x264 libx264-dev


2) රඳාපවතින්නන් හා පද්ධති ලබා ගැනීමට... (Dependencies)

sudo apt-get update
sudo apt-get install build-essential subversion git-core checkinstall yasm texi2html libfaac-dev libfaad-dev libmp3lame-dev libopencore-amrnb-dev libopencore-amrwb-dev libsdl1.2-dev libx11-dev libxfixes-dev libxvidcore4-dev zlib1g-dev

3) x264 පද්ධති ලබා ගැනීම හා ස්ථාපනය...

cd
git clone git://git.videolan.org/x264.git
cd x264
./configure
make
sudo checkinstall --pkgname=x264 --pkgversion "1:0.svn`date +%Y%m%d`+`git rev-list HEAD -n 1 | head -c 7`" --backup=no --default

4) FFmpeg පද්ධති ලබා ගැනීම හා ස්ථාපනය...

cd
svn checkout svn://svn.ffmpeg.org/ffmpeg/trunk ffmpeg
cd ffmpeg
./configure --enable-gpl --enable-version3 --enable-nonfree --enable-postproc --enable-pthreads --enable-libfaac --enable-libfaad --enable-libmp3lame --enable-libopencore-amrnb --enable-libopencore-amrwb --enable-libtheora --enable-libx264 --enable-libxvid --enable-x11grab
make
sudo checkinstall --pkgname=ffmpeg --pkgversion "4:0.5+svn`date +%Y%m%d`" --backup=no --default
hash ffmpeg

දැන් මෙම ස්ථාපනය අවසන් අතර ටර්මිනලය ඟාවිතයෙන් හෝ WinFF (GUI for FFmpeg) ඟාවිතයෙන් ඔබේ සියලු බහුමාධ්‍ය පරිවර්ථන කල හැක.

ටර්මිනලය අපහසු නම් පහත කේත ඇතුලු කර WinFF (GUI for FFmpeg) ස්ථාපනය කර ගන්න...

sudo apt-get install winff