Thursday, August 27, 2009

Sinhala for Linux Ubuntu

0 comments
කුබුන්ටු හා උබුන්ටු සඳහා සිංහල අකුරු පැමිණියද කුබුන්ටු හිදී එය නිවැරදිව ක්‍රියා කරන නමුත් උබුන්ටු හිදී එය නිවැරදිව ක්‍රියා නොකරයි . නමුත් මේ දෙකෙහිම සිංහල යතුරු ලියනය කල නොහැක . ඒ සදහා සිංහල යුනිකේත පද්ධතියක් සම්බන්ධ කර ගත යුතුය . විජේසේකර සිංහල යුනිකේත පද්ධතිය ඇතත් එයට වඩා පහසුවෙන් සයුර සිංහල යුනිකේත පද්ධතිය මඟින් සිංහල යතුරු ලියනය කල හැක . මෙය ඔබේ ලිනක්ස් පද්ධතියට යොදා ගන්නා අයුරු පහත දැක්වේ . මේ කාර්යය මා හටද සිද්ධකරගැනීමට අවශය වූ බුද්ධිමය සම්පත් දායකත්වය ලබා දුන් යසිත් විදාන ආරච්චි සහෝදරයා හට මම මේ අවස්ථාවේදී මගේ ස්තූතිය පුදමි .

1 ) http://www.sayura.net/im වෙත පිවිසෙන්න .
2 ) SCIM module is 0.3.3 බාගන්න . Download it here.
3 ) Download brochure here බාගන්න . ( මෙහි අකුරු සටහන් අඩංගු වේ )
4 ) % tar -xzvf scim-sayura-0.3.3.tar.gz
% cd scim-sayura-0.3.3
% dpkg-buildpackage -b

යන්න ටර්මිනලයෙහි ලියනය කර .DEB පැකෙජය නිර්මාණය කර ස්ථාපනය කරගන්න .

මෙය කරගැනීමට අපහසු නම් කරුණාකර මගේ විද්යුත් තැපෑලට දන්වන්න .. ( PRASADACICTS@GMAIL.COM )

Wednesday, August 26, 2009

මිනිසා ගේ උපත හා විපත .. :P

0 comments
ලෝකය ආරම්භ වූ කල්හි දෙවියන් වහන්සේ සතුන් මැවීමෙන් අනතුරුව ඒ එක් එක් සත්වයාට ජීවිත කාලය තීරණය කිරීමේ මහත් ගැටලුවකට මූන පෑහ . ඒ ගැටලුවෙන් මිදීම සදහා එම එක් එක් සතා තනි තනි ව ගෙන්වා තමන්ට අවැසි ජීවිත කාලය ලබාගන්නා ලෙස නියෝග කරන ලදී .

පලමුව පැමිනියේ මොණරාය . දෙවියන් මොණරාට ජීවත් වීමට අවුරුදු 15ක් දුන්නද මොණරා එය ප්‍රතික්ශේප කර අවුරුදු 10ක් පමණක් ලබා ගන්නා ලදී . ඉන්පසුව පැමිණියෙ වදුරා ය . දෙවියන් වදුරාට ජීවත් වීමට අවුරුදු 20ක් දුන්නද වදුරා එය ප්‍රතික්ශේප කර අවුරුදු 15ක් පමණක් ලබා ගන්නා ලදී . තෙවනුව පැමිණියේ නරියා ය . දෙවියන් නරියාට ජීවත් වීමට අවුරුදු 30ක් දුන්නද නරියා එය ප්‍රතික්ශේප කර අවුරුදු 20ක් පමණක් ලබා ගන්නා ලදී . ඉන්පසුව පැමිණියේ වවුලා ය . දෙවියන් වවුලාට ජීවත් වීමට අවුරුදු 10ක් දුන්නද වවුලා එය ප්‍රතික්ශේප කර අවුරුදු 5ක් පමණක් ලබා ගන්නා ලදී . අවසන පැමිණියේ හරකා ය .දෙවියන් හරකාට ජීවත් වීමට අවුරුදු 20ක් දුන්නද හරකා එය ප්‍රතික්ශේප කර අවුරුදු 15ක් පමණක් ලබා ගන්නා ලදී .

එම සියලුම සතුන් ගිය පසු දෙවියන් විසින් ආදම් හා ඒව හෙවත් පලමු මිනිසා උපද්දවන ලදී ( දෙවියන් කල මෝඩම වැඩේ මෙය බව මම සිතමි . ආමෙන් !!) .


දෙවියන් මිනිසාට ජීවත් වීම අවුරුදු 30ක් හා බුද්ධිය ලබා දුනි . නමුත් එයින් නොසෑහුනු මිනිසා තවත් කාලය ඉල්ලා සිටි කල්හෙ දෙවියන් මිනිසා කෙරෙහි අනුකමිපා කර පෙර සතුන්ට දී ඉතිරි වූ ආයු කාලයන් සියල්ල ලබා දුනි . එදා සිට දරුවෙක්ව ඉපදී වවුලෙක් සේ රෑ තිස්සේ ගුටි කමින් පාඩම් කරයි . තවත් වසර 5ක් පමණ මෝඩ ඇඩ් දමමින් මොණර දිවියක් ගෙවයි . තවත් වසර 5ක් පමණ ගොන් මී හරක් වැඩ කරමින් හරකකු සේ දිවි ගෙවයි . පසුව නියම මිනිසකු සේ වසර 30ක් ගෙවා වයසට පත්වේ . අවසන ඔලුවත් පසු පසත් කසමින් පොඩි එවුන් සිනා ගන්වමින් වදුරෙකුගේ සිරි මවා මිය යයි ... :P