Saturday, February 26, 2011

Transforming Linux Ubuntu 10.04 Lucid to Mac OSX snow Leopard

1 comments
බොහෝ දිනකට පසු අද මේ සැරසෙන්නේ ලිනුක්ස් උබුන්ටු පද්ධතියකට ඇපල් මැක් ස්ථාපනය කරන අයුරු කියන්නයි. මෙයින් කෙරෙනුයේ ලිනුක්ස් කර්නලය මත ඇති ගීනෝම් අතුරු මුහුනත මත මැක් අතුරු මුහුනත ඟාගිකව අතිපිහිත කිරීම මිස ඇපල් මැක් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීම නොවේ. මෙහිදී ගිනෝම් අතුරු මුහුනතේ බොහෝදේ ඉවත් වී ඇපල් මැක් අතුරු මුහුනතේ අඩංගු දෑ පැමිණේ. මෙය තීම් එකකින් වෙනස් වනුයේ මෙහිදී අලුතිනෙ සිස්ටම් ෆයිල්ස් පවා පිටපත් වන බැවිනි.

මෙය මා පරික්ශා කර බැලූයේ උබුන්ටු ලුසිඩ් 10.04 මතය. තවද මෙය නිවැරදිව සිදු කිරීමෙන් අපේක්ශිත ප්‍රතිපල ලැබෙන බව ද නිවැරදිව කිරීමට අපොහොසත් වීමෙන්
ඔබේ පරිගණකයේ මෘදුකාංග දෝශ ඇතිවිය හැකි බැවින් මා වග නොකියන බවද සදහන් කරමි.

මෙය ස්ථාපනය කිරීමේදි පහත දෑ ඔබට අත්විදින්නට ලැබේ.

Macbuntu-10.04 theme based on GTK Leopard
Macbuntu-10.04-Icons based on Mac4Lin Faenza Icons
Macbuntu-10.04-Cursors based on Mac4Lin Cursors
Mac OSX backgrounds
Mac OSX fonts
Firefox, Thunderbird and Chrome themes
Global Menu
Docky
Ubuntu-Tweak,
Cheese
Compiz Extras
Metacity



පළමුව අදාල මෘදුකාංග පැකේජය බාගත යුතුය. මෙය සිදු කෙරෙන්නේ ටර්මිනය හරහා බැවින් පිලිවෙලින් ඇතුලු කරන්න...

wget https://downloads.sourceforge.net/project/macbuntu/macbuntu-10.04/v2.2/Macbuntu-10.04.tar.gz -O /tmp/Macbuntu-10.04.tar.gz

ඉන්පසු එය බාගත කරගත් පසු පහත ඒවා ඇතුලු කරන්න.

tar xzvf /tmp/Macbuntu-10.04.tar.gz -C /tmp

cd /tmp/Macbuntu-10.04/

./install.sh





තවද මෙම ස්ථාපනය අතරතුරදී තවත් ගොනු බාගත කිරීමට අවස් ඉල්ලයි. එවිට එවාද බාගැනීමට ඉඩහරින්න.
මෙම ස්ථාපනයේදී අසන ප්‍රශ්ණ වලට ඔබ කැමති අයුරින් අදාල සෙටින්ස් දී ස්ථාපනය කර පරිගණකය රීබූට් කරන්න.


Keep a comment for you feedback and problems :)