Monday, December 7, 2009

Unlocking the LOCK CODE of Nokia mobile phones !!!

2 comments

නොකියා ජංගම දුරකථන පමණක් නොව ඕනෑම ජංගම දුරකථනයක් භාවිත කරන ඕනෑම අයකුට ඇතිවිය හැකි අවශ්‍යතාවයකි මෙය . මෙම ගැටලුවට බොහෝ ලෙසම මුහුණපානුයේ යහලුවන්ගෙන් හෝ වෙනයම් ක්‍රමයකින් පාවිච්චි කරන ලද ජංගම දුරකථන මිලයට ගන්නා අයයි . මෙහි මා විසින් දක්වනුයේ එසේ නොදන්නා කමින් හෝ අමතකවීමකින් එම අංකය නැති අය සඳහා එම අංකය යලි සොයාගැනීමට අකාරයකි.... මෙය මවිසින් අත්හදා බැලූයේ නොකියා 6120c වර්ගයේ ජංගම දුරකථනයකින් බව සලකන්න , තවද මෙය සඳහා වින්ඩෝස් අත්‍යවශ්‍ය වේ .. :(

පළමුව ඔබ විසින් Nokia PC Suite ඔබේ පරිගණකයට ස්ථාපනය කරගත යුතුය . ඉන්පසු ඔබේ ජංගම දුරකථනය ඩේටා කේබලය මඟින් පරිගණකයට සම්බන්ධ කොට එහි PC Suite යන යෙදුම තෝරන්න. ඉන්පසු ස්වයංක්‍රීයව සිදුවන ස්ථාපනය කිරීම් වලට ඉඩදී මඳක් බලා සිට පරිගණකයෙන් ඔබේ ජංගම දුරකථනය විසංධි කරන්න.

මීළඟ පියවර සඳහා Nemesis Service Suite 1.0.38.15 යන මෘදුකාංගය අවශ්‍ය වේ. එය ඔබට මෙම ලින්ක් එක අසුරෙන් බාගත හැකිය . DOWNLOAD IT HERE !!!


එම මෘදුකාංගය ස්ථාපනය කිරීමේදී සිදුකල යුතු අකාර 5ක් ඔබට දක්වයි. එයින් ඔබ තෝරා ගත යුත්තේ USB VIRTUAL DRIVE යන යෙදුමයි. එය ස්ථාපනයෙන් අනතුරුව එම මෘදුකාංගය විවෘත කරගන්න. ඔබේ ජංගම දුරකථනයද පළමු ලෙස ඩේටා කේබලය මඟින් සම්බන්ධ කර ගන්න. ඉන්පසු NEMESIS මෘදුකාංගයේ ඉහළ දකුණු කෙළවරේ ඇති "scan for new device " යන බොත්තම ඔබන්න . එවිට ඔබේ දුරකථනය පරිගණකය විසින් හඳුනාගනී. ඉන්පසුව ඉන් පහළ තීරුවේ වමට වන්නට ඇති " phone info" යන බොත්තම ඔබන්න. ඉන්පසු එයට මඳක් ඔබ්බෙන් ඇති "permanent memory" යන ටැබය තෝරන්න. පසුව එහි ඇති READ යන බොත්තම ඔබන්න. ඉන්පසු පරිගණකය විසින් ඔබේ ජංගම දුරකථනය කියවා යම් ටෙක්ස්ට් ෆයිල් එකක් සෙව් කල තැනක් පෙන්වාවි. එය විවෘත කරගෙන එහි පහලට ගොස්
5=31313131310000000000 වැනි පෙලක් ඇති එය සොයාගන්න. එහි ඇති 3 ඉලක්කම් සහ අග ඇති 0 ඉලක්කම් මකා දැමූ විට LOCK CODE එක ලැබේ. මෙහිදී එය 11111 වේ... මෙය LOCK CODE සිවීමේ නිවැරදිම ක්‍රමයකි . ඔබේ අතපසු වීමකින් සිදුවන හානි සඳහා වග නොකියන බව කරුණාවෙන් සලකන්න …

2 comments: