Thursday, November 17, 2011

ලිනුක්ස් හි ටර්මිනලයේ භාවිත වන මූලික විධාන ( ගොනු හැකිලීම හා දිග හැරීම් )

0 comments


ලින්ක්ස් සන්ස්කරන වල ඇති මේ ටර්මිනලය හෙවත් Command Line Interface එකේ ගොඩක් අය වැඩ කරන්න හරි බයයි. මොකද අයිකන් එහෙමනෑනේ.. ඔක්කොම තියෙන්නේ ටයිප් කරන්න නිසා. එහෙම බය වෙන්න දෙයක් නෑ. හරිම සාමාන්යයි. සාමාන්යයෙන් ටර්මිනලය ඕපන් කර ගමන් ඉන්නේ Home ෆෝල්ඩරය ඇතුලේ. අපිට ඒකෙන් වෙන තැනකට යන්න ඕනි වෙන කොට cd ලෙස ටයිප් කර අදාල ෆෝල්ඩරය නම ටයිප් කලාම හරි. මෙහි cd හි තේරුම change directory යන්නයි.

උදා - අපි හිතමු Home ෆෝල්ඩරේ අතුලේ තියෙන Movies කියලා ෆෝල්ඩරයකට යන්න ඕනි කියල. එතකොට ටයිප් කල යුත්තේ..

cd Movies  මෙලෙස ට්යිප් කර Enter බොත්තම එබීම් පමණ්යි.

හොදයි, අද බලමු ටර්මිනලය ඇතුලේ ගොනු හැකිලීම හා දිග හැරීම් කරනෙනේ කොහොමද කියලා.  මෙහි දැක්වෙන tar,bz2 හා gz යනු එලෙස ගොනු හැකිලීමට යොදගන්නා ෆයිල් එක්ස්ටෙන්ශ්න් වේ.

1)“bzip filename” – .zip වලින් ගොනු හැකිලීම කරයි
2)“tar cf targer.tar filename1 filename2 filename3” –  පසුව දක්වා ඇති filename1,2,3 යන ඒවා target.tar ලෙස හකුලයි. ( ඔනෑම ෆයිල් ගනනක් භාවිතා කල හැක. )
3)“tar xf filename.tar” – tar ගොනුව දිගහරී.
4)“tar czf target.tar.gz filename” – Gzp.tar සැකසුම සහිත හැකිලීම සිදුකරයි.
5)“tar xzf file.tar.gz” –tar.gz ගොනුව දිග හරී
6)“tar cjf target.tar.bz2 filename” – Bz2 ලෙස සිප් වූ ගගොනුවක් සාදයි.
7)“tar xjf file.tar.bz2” – Bz2 ගොනුව දිග හරී
8)“gzip filename” – .Gz සිප් ගොනුවක් තන්යී.
9)“gzip –d filename.gz” – .Gz සිප් ගොනුව දිගහරී.

Wednesday, November 9, 2011

ලිනක්ස් හිදී Nvidia Optimus තාක්ශණය Bumblebee මගින් ක්‍රියා කරවමු!

0 comments

දැන් වසරක පමණ සිට Nvidia නිකුත් කරන ලැප්ටොප් VGA වල Optimus නම් තාක්ශණයක් අන්තර්ගතව තිබෙනව. මෙය වින්ඩෝස් සදහා සහය දක්වන මුත්, ලිනක්ස් සදහා සහය නොදක්වයි. මේ සදහ නිර්මාණ්ය වූ මෘදුකාන්ගයක් තමා Bumblebee...

මොකක්ද මේ Nvidia Optimus කියන්නේ?

සාමාන්යයෙන් VGA වලට් ලොකු විදුලියක් වැය වෙනවා. ඉතින් බැටරි වලින් වැඩ කරන ලැප්ටොප් වලට එක ලොකු පාඩුවක්. එනිසා අවශ්‍ය වෙලාවට පමණක් external VGA එක ඔන් වෙන්නත් අනිත් වෙලාවට intenal VGA එක ඕන් කිරීමත් තමා මේකෙන් වෙන්නේ.

උදා ; අපි හිතමු අපි ගේම් එකක් සෙල්ලම් කරනව් කියල? එතකොට් ඕන් වෙන්නේ Nvidia VGA එක.. අපි ම්යික්රොසොෆ්ට් වර්ඩ් වලින් මොන හරි ටයිප් කරනව කියල හිතමු? එතකොට වෙන්නේ Nvidia VGA එක ඕෆ් වෙලා internal VGA එක ඕන් වෙන එක.


ඉතින් අපිට මොකෝ????

ඉතින් මොකෝ තමයි... මේ තාක්ශණ්ය නැතිනම්...

  1. ඔයාගේ ලැප්ටොප් බැට්රිය් ඉක්මණින් බහිනව.
  2. වැඩි වැඩියෙන් වර්ජ් කරන කොට් බැටරියෙ ආයු කාලය අඩු වෙනව
  3. නිකන් අපරාදෙ විදුලිය වැයවෙනව්
  4. ලැප්ටොප් එක රත් වෙනච්
  5. දීර්ග කාලීනව් රත් වීමෙන් ලැප්ටොප් එකේ ආයු කාලය අඩු විය හැකියි


මේ නිසා ඔබත් ලිනක්ස් බාවිතා කරන්නෙක් නම්, මේ Bumblebee දමාගන්න... අන්ත්ර්ජාල පහසුකම් තිබිය යුතුයි :)

පළමුව nvidia drivers බාගත් යුතුය. එයට Administration හි Additional Drivers ට ගොස් Activate බොත්තම ඔබන්න. එවිට අන්තර්ජාලයෙන් එය බාගත වී ඉන්ස්ටෝල් වනු ඇත.



    ඉන් පසු....

  1. ඔබේ ටර්මිනලය ගන්න.
  2. Root user ලබා ගන්න ( Type sudo bash )
  3. sudo add-apt-repository ppa:bumblebee/stable ලෙස ටයිප් කර එන්ට කරන්න.
  4. sudo apt-get update
  5. sudo apt-get install bumblebee

ඉහත ඒවා පිලිවෙලින් අතුලත් කරමින් යන්න. අසන ප්‍රශ්න වලට අදාල ඔබේ ලැප්ටොප් එකේ සැකසුම් ලබා දෙන්න. එය සෑම් විටම YES / NO ආකාරයේ ප්‍රශ්න බැවින් බිය විය යුතු නැහැ. මෙය තවම සාර්තකව සෑම nvidia vga සහිත ලැප්ටොප් සියල්ලගේම ක්‍රියා නොකරයි. කිසිදු ගැටලුවක් නොමැතිව ස්ථාපනය වූයේ නම් ඔබේ ලැප්ටොපයේ සාර්ථකව ක්‍රියා කරන බව ඔබට සහතික විය හැක. සාර්ථකව ස්ථාපනය වූයේ නම් ලැප්ටොපය රත් වීමේ අඩුවක් හා බැටරි කාලය වැඩිවීමක් දැකිය හැක. ගැටලු යොමු කරන්න. ඔබට ජය.. :)

Tuesday, November 8, 2011

ලිනක්ස් උබුන්ටු මතදී Objective C වලින් වැඩ කිරීම!

6 comments

ඉන්ග්‍රීසි බ්ලොග් එක් නිතරම වගේ ලිව්වත් ගොඩක් හේතු නිසා කාලෙකින් සින්හල බ්ලොග් පෝස්ට් එකක් ලිව්වෙ නැහැ. අතැරල දාන්න හිතුව්ත් කියවන කිහිප දෙනා වෙනුවෙන් අයෙත් මේක ලියන්න ඕනි කියල තමයි අද අයෙ මේ පටන් ගත්තේ. එහෙනම් ආයුබෝ වේවා! :)

මොකක්ද මේ Objective C කියන්නේ?

මේක 1983දී බිහිවූ එක්තරා ක්‍රමලේකන භාශාවක්. මෙය අද වඩාත්ම යොදා ගන්නේ ඇපල් මැක් මෙහෙයුම් පද්ධතිය සහ iOS සදහායි. ඔබටත් අවශ්‍ය නම් iPhone apps හෝ mac apps හදන්න, එහෙම නැත්නම් ඊට වඩා එහාට ගිය දෙයක් උනත් මේ ම්ගින් සිදු කරන්න.

මට නම් මේක ඉගෙන ගන්න පිස්සුව් හැදුනෙ අයිපොඩ් ටච් එකක් ගත්ත දවසෙ ඉදල. නමුත් මෙම අයිෆෝන් ඇප්ස් හදන්න අප්ඩේටඩ් හොද මැක් එකක් තියෙන්න ඕනි. අපිට් ඉතින් මැක් ලැබෙන කොට බැරියෑ. ඒපාර හැකින්ටොශ් එකක් හදාගන්න හිතුව්. මට ලොකු ඩේටා ප්ලෑන් නෑ නෙව්.

Apple Mac OS X Snow Leopard 10.6.7 – 8.3GB
xCode and iPhone SDK – 5.6GB

එකතුව් = 14GB

ඕක බානව කියන්නේ ගෙදරින් මැරුම් කන වැඩක් තමා :(


ඒනිසා තමා අන්තර්ජාලයේ සැරිසරන අව්ස්ථාව්ක මේක මගේ ඇස ගැටුනෙ. මේකෙ නම GnuStep. මේක දාගත්තම් කිසි අවුලක් නැතුව් Objective C ඉගෙන ගන්න පුලුවනි. නමුත් පරහ තමා මැක් එකක් නැතුව් අයිෆෝන් ඇප් හදන්න බැරිකම. නමුත් මූලික පියවර ලෙස අදාල ක්‍රමලේකන භාශාව ඉගෙන ගන්න පුලුවනි. කොහොමත් ඉතින් ඇප්ස් හදන්න ඉස්සෙල්ල ක්‍රමලේකන භාශාව ඉගෙන ගෙන ඉන්න එපෑයෑ :)

මේක වින්ඩෝස් වලටත් තියෙනව්. උත්සහ කරල බලන්න. මම නම් බැලුවෙ නෑ මම පාවිච්චි කරන්නේ උබුන්ටු නිසා. එහෙනම් බලමු ඉන්ස්ටෝල් කරන හැටි.. වැඩි දෙයක් නෑ. බාන්න තියෙන්නෙත් 200MB වගේ තමා :)


  1. ටර්මිනලය ගන්න.. ( කෙටි මග- Ctrl+Alt+T )
  2. sudo bash ටයිප් කර මුරකේත යොදා Root පහසුකම් ලබාගන්න..
  3. sudo apt-get install gnustep ( 130MB )
  4. sudo apt-get install gnustep-devel ( 50MB )
  5. ටර්මිනලයෙන් ඉවත් වෙන්න.

දැන් වැඩ කරනවද බලන්න සරල Hello World ඇප් එක රන් කරල බලමු.

  1. ඔබ කැම්ති ටෙක්ස්ට් එඩිටර් එකක් ගන්න. ( උදා - Gedit )
  2. මේ ටික ටයිප් කර hello.m ලෙස Home හි සේව් කරගන්න. ( .m යනු file extension එකයි )


#import

int main (int argc, const char * argv[])
{
NSAutoreleasePool * pool = [[NSAutoreleasePool alloc] init];

NSLog (@"hello world");
[pool drain];
return 0;
}


  1. ට්ර්මිනලය ගන්න.
  2. . /usr/share/GNUstep/Makefiles/GNUstep.sh ලෙස යොදා එන්ටර් කරන්න. ( මෙය ටර්මිනලයට ඊලගට සිදුව්න්නේ GnuStep හි ක්‍රියාව්ක් බව පහදා දෙයි.
  3. gcc `gnustep-config --objc-flags` -lgnustep-base hello.m -o hello ( මෙහිදී ඔබ ලියන ලද කේතය කම්පයිල් වීම සිදුවේ )
  4. ./hello යොදා එන්ට කල විට් ටර්මිනලයේ "Hello World” ලෙස ප්රින්ට් ව්නු ඇති.





පසු ලිවීම් -

මෙය කියවන ඔබ සතුව Mac OS X 10.6.6 හෝ ඊට වඩා ඉහල පිටපතක් තිබේනම් කරුණකර මට දන්වන්න. ලොකු උදව්වක්. අන්ලිමිට්ඩ් නැති අපට ඇති ඔබේ සහය ගොඩ්ක් වටිනවා. ස්තූතියි.

email – prasadacicts@gmail.com