Sunday, December 5, 2010

සයිබර් පුනරාගමනය හා වයිෆයි වැඩකිඩ.....

0 comments
මේ විභාග නිසා කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා.. මේ අල්ල පනල්ලේ සිංහල බ්ලොග් කියවනයේ සින්ඩිකේටරයෙනුත් මාව අයින් වෙලා. දින 90 කින් ලිව්වෙ නැත්නම් අයින් කරනවනේ :'( හරි දැන් ඔක්කොම හමාරයි. ඔය කියෙව්ව මදෑ. දැන් බහිමු වැඩේට.....

  ඔන්න අද ආවෙ වෙනද වගේ හිස් අතින් නෙමෙ.. ( හරි හරි ඉතින් වෙනද ආවෙත් හිස් අතින් නෙමේ තමා :P ) මේක මේ එදිනෙදා Ipod Touch, PSP වගේ භාවිතා කරන අයට ලොකු උදව්වක් වෙන මෘදුකාංගයක්. අයි පොඩ් එකටයි පීඑස්පී එකටයි දෙකටම සිම් දාන්නෙ බැරි බව ආයෙ කියන්න ඔනෙනෑනෙ. විශේසයෙන්ම ඔය අයිපොඩ් පාවිච්චි කරන අයනම් හොඳටම වයිෆයි නැතුව කට්ට කාලා ඇති. ( හරියට මේ මම වගේ :P ) මේකෙන් පුලුවන් ජංගම දුරකථනයක් වයිෆයි රවුටරයක් කරන්න. දැන් කියන්න එපා ගෙදර වයිෆයි මොඩෙම් එකක් තියෙනව කියල.. මේකෙන් පුලුවනි ඔයාල කොහෙ හරි යනකොට උනතෙ විෆයි භාවිතා කරන්න. දැනෙනව ඇතිනෙ මේකෙ වටිනකම :)

 හොඳයි එහෙනම් මෙන්න මේ සෆ්ට්වෙයා එක බාගත්තනම් වැඩේ හරි :D  මේකට කියන්නේ  " Joikuspot " කියල. මේක බාගෙන වයිෆයි තියෙන මොබයිල් ෆෝන් එකට දාගත්තම 3G සිග්නල් තියෙන ඕනම තැනක ඉඳන් වයිෆයි රවුට් කරන්න පුලුවන්.  මේක ගොඩක් ෆෝන් වලට සපෝර්ට්. මෙන්න ලිනක් එක මේතනින් ලින්ක් වන අදාල නිල වෙබ් අඩවියෙන් අදාල දුරකථන වර්ගය ලබා දී බාගන්න. Download Joikuspot

   හැබැයි පොඩි පරහකට තියෙන්නෙ මේක lite version එකක්. එකියන්නෙ සමහර features සීමා කරල තියෙන්නෙ.. එකියන්නෙ වයිෆයි වලට පාස්වර්ඩ් දැමීම, වයිෆයි නම වෙනස් කිරීම වගේ දේවල්.. එව නැතිඋනත් මඒකෙනුත් ගොඩක් වැඩ ගන්න පුලුවන්.

  හැබැයි Nokia S60 වලට හරියන cracked version එකක් තියෙනව.. හැබැයි ටිකක් පරණයි.  ඔන්න බාගන්න ටොරන්ට් එක :D  Download Torrent

ඔන්න එහෙනම් හරිනෙ.. ලබන සතියෙ තච ජල්බරි ට්‍රික් එකක් අරගෙන එන්නම..  :ඩී

Friday, October 1, 2010

Cybershot වල මේ වෙනස කුමක්ද?

0 comments
මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ ටෙක් කතා ගූගල් සමූහය වෙතට ඇවිත් තිබුනු ප්‍රශ්ණයක් සහ ඒවට දීල තිබුනු පිලිතුරු දිහා බැලුවම. ඇත්තටම මේ සයිබර්ශොට් කියන වෙළඳ නාමය යටතේ නිකුත් කරන කැමෙරා වල වෙනස මොකක්ද?



   ගොඩක් අය හිතන් ඉන්නෙ කැමරාව සෙල උනත් ෆොටෝ එක තිතට වදින එකයි කියල. නැහැ. අර්ථය වෙන දෙයක්. ඒ හිතන දේ වෙන්නත් යම් ඉඩක් තියෙනව ඉතා හොඳ ආලෝක තත්වයක් යටතේ.හැබැයි කැමෙරාවයි ගන්නා දසුනෙයි සාපේක්ශ චලනය ශූන්ය්‍යට ආසන්න නම් එහෙම වෙන්න පුලුවනි. ඒකටත් ආලෝක තත්වය බලපානව. මේකෙදි වෙන්නෙ සෙලවෙන පින්තූරයක් ගැනීමේදි වඩා හොඳට එම පින්තූරය ලබා දීම. මෙම පහසුකම තියෙනනෙ සෝනි සමාගමේ කැමරා වල පමණක් නොවේ. නමුත් අනෙක් සමාගම් වල කැමරා වල මෙම තාක්ශණය ඔවුනටම සුවිශේෂ නම්වලින් හඳුන්වනව. සයිබර්ශොට් කියන්නෙත් ඒ වගේම නමක් තමා.

මම හොඳ උදාහරණයක් දෙන්නම්. ගෙදර තියන ටේබල් ෆෑන් එක හරි සීලිං ෆෑන් එක හරි තියෙන තරම් උපරිම වේගයට කරකවල cybershot කැමරාව හොලවන්නෙ නාතුව ෆොටෝ එකකුයි කැමරාව ඉතා සෙමින් යාන්තමින් හොලවමින් ෆොටෝ එකකුයි අරන් බලන්න. එතකොට වැඩේ තේරෙයි. මේ ගුණොංගය නැති කැමරාවකිනුත් ඔය වැඩේම කරල සසඳල බලන්න. ප්‍රතිපලය දුකයි!! :(

    ටෙක් කතා වලට අපි හැමෝම ලියන්නෙ අපි නොදන්න දේ අහගන්න. ඒ ගැන ස්තූති වන්ත වෙනව. ඒත් හරියට යම් දෙයක් ගැන නොදැන උත්තර දෙන එකනම් ටිකක් හොඳ මදි. ඒනිසා එගැනත් සිතන්න කියල ඉල්ලා සිටිනව..............

   

Tuesday, September 7, 2010

ජාවා වලට ආවෙ අලුයතින්ද???

0 comments
ඔයත් ජාව කරන්න පටන් ගත්තෙ අලුතිනද? එහෙනම් මේ ලින්ක් ටිකය් පොත් ටිකය් බලන්න.. ප්‍රයෝජනවත් වේවි!!!!

ලින්ක් :-

http://math.hws.edu/javanotes
http://download.oracle.com/javase/tutorial
http://download.oracle.com/javase/6/docs
http://www.java2s.com

ඔය උඩින් තියෙන්නෙ ඉගෙන ගන්න පුලුවන් ලිනක් ටිකක්.... ඉගෙන ගන්න ඒවා කොච්චර ෆිට් බලන්න නම් මේකට යන්න...

http://train.usaco.org/

මෙන්න ඕනි කරන පොත් ටිකක්...

SCJP Sun Certified Programmer for Java 6 by Kathy Sierra
Computer algorithms by Sarah Basse

මේ මොනා කියෙව්වත් වැඩක් නෑ ප්‍රායෝගිකව ඒවා අත්හදා බලන්නේ නැත්නම්.. මතක තියාගන්න ඕනම ලැන්ග්වේජ් එකක සිද්ධාන්ත 30%යි අනිත් ප්‍රායෝගිකව 70%යි...

Saturday, August 14, 2010

APTonCD Utility for Linux Ubuntu....

2 comments
ඔබ උබුනටු ආදි ලිනුක්ස් පද්ධති භාවිතා කරන්නෙක්ද? එසේ නම් මෙය ඉතා වැදගත් කරුණක් වනු නිසැකයි. උබුනටු අදියට අවශ්‍ය අතිරේක මෘදුකාංග ඔබ දැනටමත් බාගත කරල ඇති. නමුත් ඔබෙ පරිගණකය හදිසියෙන් ක්‍රියා විරහිත වී යලි පද්ධතය නැවත ස්ථාපනය කිරීමට සිදුවුනි යැයි සිතන්න. එ කරදරයෙන් මිදෙන්න මෙ මෘදුකාංගය භාවිතා කල හැකියි.  තබද ඔබ සතුව ඇති අන්තර්ජාලයෙන් බෑ යුතු මෘදුකාංග අන්තර්ජාල පහසුකම් නැති යහලුවකුටත් ලබා දීමට මෙය කදිම උපකාරයක්..

1) APTonCD Utility මෙතැනින් බාගන්න.

2) එම ඩෙබියන් පැකේජය ඩබල් ක්ලික් කර ස්ථාපනය කර ගන්න.

3) එය විවෘත කොට අවශ්‍ය මෘදුකාංග තෝරා බැකප් කරන්න, ඔබට මෙම මෘදුකාංගය හරහාම එය සංයුක්ත තැටියකට ලියවා ගත හැක... 

Monday, March 22, 2010

Huawei E1550 on Ubuntu

2 comments
මොබිටෙල් සමාගමෙන් ඔවුන්ගේ 3.5G අන්තර්ජාල පහසුකම් සමඟ සපයන විට මා වැනි අඩු මිල සොයන්නන් සඳහා ඔවුන් සතු ලාඟම ඩොන්ගලය වන Huawei E1550 උපකරණය සපයයි. මිලට සාපේක්ශව වැඩි කාර්යක්ශමතාවක් ඇති මෙම උපකරණය micro SD මෙමරි චිපයක් ඇතුලු කිරීමේ සහ 3.6MBPS දක්වා ඉහළ වේගයකට සහයෝගීතාව දක්වයි. මේ නිසා ඩොන්ගලය සමඟ අමතරව තචත් පෙන් උපකරණ රැගෙන යාමේ අවහිරතාව මින් මඟ හැරේ. මෙය උපතින්ම වින්ඩෝස් සඳහා නිපැයුවක් අතර ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග සංයුක්ත තැටයකින් තොරව එම උපකරණයේම ROM Drive තුල අන්තරිගත කර ඇත. සැබැවින්ම මෙය කරදර රහිත all-in-one උපකරණයකි. මෙය උබුන්ටු පද්ධති තුල ස්ථාපනයට පහත පියවර අනුගමනය කරන්න.

ඔබේ උබුන්ටු 9.10 ට වඩා පැරණි නම් පහත කේතය ටර්මිනලයේ ඇතුලත් කරන්න.
sudo apt-get install udev-extras

ඉන්පස එහිම පගත කේතය ඇතුලත් කරන්න.
gksu gedit /etc/udev/rules.d/15-huawei-e1550.rules

ඉන්පසු ස්වයංක්‍රීයව විවෘත වන gedit මෘදුකාංගයේ පහත සඳහන අලවා සේව් කරන්න.
SUBSYSTEM=="usb",
SYSFS{idProduct}=="1446",
SYSFS{idVendor}=="12d1",
RUN+="/lib/udev/modem-modeswitch --vendor 0x12d1 --product 0x1446 --type option-zerocd"

දැන් ඔබ ඩොන්ගලය ඇතුලු කර Network Manager හි Mobile Broadband ටැබයෙන් අලුත් connection එකක් සාදා ගන්න. කරුණාකර ඔබේ අදහස් පල කරන්න........

Wednesday, March 17, 2010

FFmpeg installing ...

1 comments
ලිනුක්ස් මෙහෙයුම් පද්ධති සඳහා ඇති හොඳම බහුමාධ්‍ය පරිවර්තකයක් ලෙස මෙම මෘදුකාංගය හැඳින්විය හැක. ඔබේ පරිගනකයද මෙම මෘදුකාංගය සථාපනය කිරීමට පහත පියවරයන් පිලිවලින් ඔබේ ටර්මිනලයෙහි ඇතුලත් කරන්න.

1) පෙර අක්‍රීය සැකසුම් ඉවත් කිරීමට...

sudo apt-get remove ffmpeg x264 libx264-dev


2) රඳාපවතින්නන් හා පද්ධති ලබා ගැනීමට... (Dependencies)

sudo apt-get update
sudo apt-get install build-essential subversion git-core checkinstall yasm texi2html libfaac-dev libfaad-dev libmp3lame-dev libopencore-amrnb-dev libopencore-amrwb-dev libsdl1.2-dev libx11-dev libxfixes-dev libxvidcore4-dev zlib1g-dev

3) x264 පද්ධති ලබා ගැනීම හා ස්ථාපනය...

cd
git clone git://git.videolan.org/x264.git
cd x264
./configure
make
sudo checkinstall --pkgname=x264 --pkgversion "1:0.svn`date +%Y%m%d`+`git rev-list HEAD -n 1 | head -c 7`" --backup=no --default

4) FFmpeg පද්ධති ලබා ගැනීම හා ස්ථාපනය...

cd
svn checkout svn://svn.ffmpeg.org/ffmpeg/trunk ffmpeg
cd ffmpeg
./configure --enable-gpl --enable-version3 --enable-nonfree --enable-postproc --enable-pthreads --enable-libfaac --enable-libfaad --enable-libmp3lame --enable-libopencore-amrnb --enable-libopencore-amrwb --enable-libtheora --enable-libx264 --enable-libxvid --enable-x11grab
make
sudo checkinstall --pkgname=ffmpeg --pkgversion "4:0.5+svn`date +%Y%m%d`" --backup=no --default
hash ffmpeg

දැන් මෙම ස්ථාපනය අවසන් අතර ටර්මිනලය ඟාවිතයෙන් හෝ WinFF (GUI for FFmpeg) ඟාවිතයෙන් ඔබේ සියලු බහුමාධ්‍ය පරිවර්ථන කල හැක.

ටර්මිනලය අපහසු නම් පහත කේත ඇතුලු කර WinFF (GUI for FFmpeg) ස්ථාපනය කර ගන්න...

sudo apt-get install winff