Wednesday, November 18, 2009

ජීවිතයේ සොඳුරුතම නවාතැන්පල ….

0 comments
ඉපදුණෙමි දිවියේ ආශිර්වාදයේ පහසින් තෙතමනය ලබා ,
ලැබුවෙමි ගින්දරෙහි රක්ත වූ උනුසුමෙහි කලඹා ,
පයෙහි නොගෑවන තරමටම මිහිසක තනවා ,
ජිවිතයේ නවාතැන මට ඔබගෙන් දැනුනා....

දිවියේ මං මාවත් සැකයෙන් පසු කලෙමි ,
ඒ හැර යමක් නොදුටුවෙමි , නොකලෙමි
ජලයේ බොර වූ සේ එළිය දුටුවෙමි ,
අඩ අඳුරේ මෙතක් කල් ගෙවීමි …

මාවත දුරය කටුකය කී නම් හරිය ,
ඇසුනා එබස් ඔබ කී හා මිතුර ,
දැනුනා සිසිල වෑසී රූ දහර ,
මා සිතු ලෙසට වුනි නම් මා අද දෙව්ලොවය ….

නිවසක් සැදීමි ඔබ කිව් ඒ නවාතැනේ ,
ගින්දර ඉවතලා තැබුවෙමි සිසිල් කැටේ ,
ඔබ ගිය දුරක යහතින් සිටිනු දැනේ ,
ඔබේ එක මොහොතින් මගෙ මුලු දිවිය රැඳේ ….............


කවි සිතුවිල්ල by ප්‍රසාද්

විභාගේ 30 වැනිදා නිසා ගෙදර ඉඳන් පාඩම් කරල මහන්සි වෙලාවට ලියපු එකක් .... අවුලක් නෑ නේද???

Sunday, November 15, 2009

Installing softwares inside Linux

3 comments
ලිනක්ස් පාදක කොටගත් මෙහෙයුම් පද්ධති සඳහා DEB හෙවත් ජනප්‍රිය ඩේබියන් ක්‍රමයට බොහෝ මෘදුකාංග ඇතුලත් කරගත හැකිවුවද යම් යම් මෘදුකාංග අපට අන්තර්ජාලයේ සොයා ගැනීමට ලැබෙනුයේ tar ලෙස පමණි. එවිට පහත ක්‍රමය එය සඳහා යොදාගත හැක. පලමුව එම අදාල මෘදුකාංග පද්ධතිය Home Folder වෙතට පිටපත් කරගෙන ටර්මිනලය විවෘත කර ගන්න . ඉන් පසුව පහත වදන් උපයෝගී කරගනිමින් එය ඔබේ ලිනක්ස් පද්ධතියටත් ඇතුල් කරගන්න.

cd (Name of the folder that contains your software)
./configure
sudo make
sudo make install
sudo makecheck