Friday, October 1, 2010

Cybershot වල මේ වෙනස කුමක්ද?

0 comments
මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ ටෙක් කතා ගූගල් සමූහය වෙතට ඇවිත් තිබුනු ප්‍රශ්ණයක් සහ ඒවට දීල තිබුනු පිලිතුරු දිහා බැලුවම. ඇත්තටම මේ සයිබර්ශොට් කියන වෙළඳ නාමය යටතේ නිකුත් කරන කැමෙරා වල වෙනස මොකක්ද?



   ගොඩක් අය හිතන් ඉන්නෙ කැමරාව සෙල උනත් ෆොටෝ එක තිතට වදින එකයි කියල. නැහැ. අර්ථය වෙන දෙයක්. ඒ හිතන දේ වෙන්නත් යම් ඉඩක් තියෙනව ඉතා හොඳ ආලෝක තත්වයක් යටතේ.හැබැයි කැමෙරාවයි ගන්නා දසුනෙයි සාපේක්ශ චලනය ශූන්ය්‍යට ආසන්න නම් එහෙම වෙන්න පුලුවනි. ඒකටත් ආලෝක තත්වය බලපානව. මේකෙදි වෙන්නෙ සෙලවෙන පින්තූරයක් ගැනීමේදි වඩා හොඳට එම පින්තූරය ලබා දීම. මෙම පහසුකම තියෙනනෙ සෝනි සමාගමේ කැමරා වල පමණක් නොවේ. නමුත් අනෙක් සමාගම් වල කැමරා වල මෙම තාක්ශණය ඔවුනටම සුවිශේෂ නම්වලින් හඳුන්වනව. සයිබර්ශොට් කියන්නෙත් ඒ වගේම නමක් තමා.

මම හොඳ උදාහරණයක් දෙන්නම්. ගෙදර තියන ටේබල් ෆෑන් එක හරි සීලිං ෆෑන් එක හරි තියෙන තරම් උපරිම වේගයට කරකවල cybershot කැමරාව හොලවන්නෙ නාතුව ෆොටෝ එකකුයි කැමරාව ඉතා සෙමින් යාන්තමින් හොලවමින් ෆොටෝ එකකුයි අරන් බලන්න. එතකොට වැඩේ තේරෙයි. මේ ගුණොංගය නැති කැමරාවකිනුත් ඔය වැඩේම කරල සසඳල බලන්න. ප්‍රතිපලය දුකයි!! :(

    ටෙක් කතා වලට අපි හැමෝම ලියන්නෙ අපි නොදන්න දේ අහගන්න. ඒ ගැන ස්තූති වන්ත වෙනව. ඒත් හරියට යම් දෙයක් ගැන නොදැන උත්තර දෙන එකනම් ටිකක් හොඳ මදි. ඒනිසා එගැනත් සිතන්න කියල ඉල්ලා සිටිනව..............

   

0 comments: