Thursday, March 8, 2012

Vim එඩිටරය හා C++

1 comments

ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න බැරි උනා. මේක ලියන්න ඔනි වෙලා තිබ්බෙ මීට ගොඩක් කලින්. නමුත් කතාවක් තියෙනවනෙ " යු ආර් නොට් ටූ ඕල්ඩ් ටු ඩූ එනිතින්ග් යූ වෝන්ට් ටු ඩූ " කියාල :P :P






ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ අපිට C++ කරන්න තියෙන්නෙ Linux environment එක උඩ g++ භාවිතයෙන්. ඉතින් ගොඩක් අය Linux කියන දේ දැක්කෙත් SLIIT එකට අවාට පස්සෙ මගෙ හිතෙ.. ඉතින් මෙව්ව ප්‍රැක්ටිස් කරන්න ගෙදර ගිහින් උබුන්ටු, ෆෙඩෝරා දාගත්තම ගොඩක් අයට ගැටලු මතු උනා.... මොනාද ඒ????

  1. vim එඩිටරයේ ලියන C++ ප්‍රෝග්‍රැම් වැඩ නොකිරීම
  2. ncurses වැඩ නොකිරීම
  3. ලියන කෝඩ් පාට නොවීම
  4. උබුන්ටු වලදී ඇරෝ කීස් එබූ විට A B ආදී අකුරු ප්‍රින්ට් වීම.


ඇයි මෙහෙම වෙන්නෙ????

  1. g++ කොම්පයිලරය ඉන්ස්ටෝල් කර නොතිබීම
  2. ncurses යනු C++ වලට අදාල library එකක් නොවේ, එය වෙනම ඉන්ස්ටෝල් කර ගත යුතුයි
  3. දැන් එන අලුත් උබුන්ටු හා ෆෙඩෝරා වල ඇත්තේ සීමා සහිත අසම්පූර්ණ vim එඩිතරයකි.. එනිසා සම්පූර්ණ එක ඉන්ස්ටෝල් කර ගත යුතුය.
  4. ඉහත හේතුවමයි..

මෙව්වා හදා ගන්නෙ මෙහෙමයී....

උබුන්ටු වලදී නම් මේ කෝඩ් ටික ටර්මිනලයේ ඇතුලත් කරන්න ( අන්තර්ජාලය අනිවාර්යයි )

sudo bash ( මෙය ටයිප් කර එන්ටර් කල විට ඔබේ මුරපදය ඉල්ලාවි.. එය ලබා දෙන්න. )

apt-get install g++

apt-get install ncurses-dev

apt-get install vim



ෆෙඩෝරා වලදී....

su - ( මෙය ටයිප් කර එන්ටර් කල විට ඔබේ මුරපදය ඉල්ලාවි.. එය ලබා දෙන්න. )

yum install gcc gcc-c++ make

yum install ncurses-devel

yum install vim-enhanced


දැන් සියලු දෝශ නිවාරණයී :)

1 comments: