Saturday, December 31, 2011

ලිනක්ස් සමඟ තවදුරටත්... ෆයිල් ඇන්ඩ් ෆෝල්ඩර් කමාන්ඩ්ස්...

2 comments
 
සුභ නව වසරක් වේවා සැමටම.... අද රැයෙන් 2011 ඉවර වෙලා 2012 ලබනව... ඉතින් ලබන්නා වු මෙ නව වසර පරිගනක මිල අඩුවන, ඉන්ටර්නෙට් වේග වැඩිවෙන, විදුලි බිල අඩුවන සාමයෙන් සතුටින් පිරි නව වසරක්ම වේවා.... :D




  1. cp fileA fileB මෙහිදි fileA යන ගොනුව fileB ලෙස වෙනත් නමකින් එම fileA පවතින තැනේම සේව් කිරීම සිදුවෙනවා. ඔබට අවැසි නම් වෙන තැනක සේව් කරන්න, fileB ට කලින් පාත් එක ලබා දිය යුතුයි... උදා - cp fileA /media/”disk_drive_name/fileB
  2. cp -r dirA dirB මෙහිදී තනිකරම ෆොල්ඩරය කොපි වීම සිදුවේ...
  3. mv fileA fileB ගොනු හුවමාරු කිරීම... ( මූව් කිරීම )
  4. ls ෆෝල්ඩරයක ඇති සියලුම ෆයිල් සහ ෆෝල්ඩර පෙන්වයි..
  5. ls -al සියලුම සැගවුන ෆයිල් ෆෝල්ඩර පෙන්වයි.
  6. pwd මෙහි තේරුම Print Working Directory යන්නයි. මෙයින් දැනට ඉන්නා ඩිරෙකට්‍රි එක පෙන්වයි.
  7. mkdir folder_name_you_want නව ෆෝල්ඩර සැදීම'
  8. rm filename ෆයිල් මැකීම
  9. rm -r directory_name ෆෝල්ඩර මැකීම
  10. more filename මෙහිදි අදාල ෆයිල් එකේ අන්තර්ගතය පෙන්වයි... ( ටෙක්ස්ට් ෆයිල් ආදිය )


    ඊලග ලිපියෙන් නෙට්වර්ක් සඳහා වැදගත් වන දෑ කිහිපයක් එකතු කරන්නම්..

Monday, December 26, 2011

සන්හිඳ සමඟ අයිෆෝන් එකේ සින්හල ටයිප් කරමු!

3 comments
දැන් ටික වෙලාවකට කලින් තරිඳු සහෝදරයාගෙ ටුවිටරෙන් තමා මේක දැක්කෙ.. මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවනි අයිෆෝන් වල සින්හල ටයිප් කරන්න. මේක හදල තියෙන්නෙ තරිඳු මදුෂන්ක කියල අයියා කෙනෙක්. ෆොනෙටික් ක්‍රමයට තමා ටයිප් කරන්න තියෙන්නෙ. ට්‍රයි එකක් දීල බලන්න... :) මම නම් මෙක ටෙස්ට් කරල බැලුවෙ අයිපොඩ් ටච් එකක... වැ‌ඩ!! "Sanhinda" කියල iTunes එකේ සර්ච් එකක් දාල බලන්න... :)

CLICK HERE TO GO TO iTunes WEB LINK






Sunday, December 25, 2011

දෙවන වරටත් කෙලැවීම... :( :(

2 comments
  ඊයේ රාත්‍රියෙ උත්සවාකාරයෙන් නත්තල් තෑගි ලබාදීම http://www.doenets.lk/ හිදි සිදුවූ අතර දෙවන වරටත් කෙලවිමෙ ත්යාගය ලබා ගැනිමට මම සමත් වු බව ඉතාම (අ)සතුටින් ප්‍රකාශ කර සිටිමි. මෙ සම්බන්දයෙන් ඉතාම (අ)සතුටට පත් මාගෙ දෙමාපියන් එම (අ)සතුට නිසාම ගල් ගැසි කිසිදු වදනක් මා සමග නොපසවමින් මා වෙත වෙනදාට ලගට ගෙනැවිත් දෙන බත් පත, තේ කොප්ප, පීරිසි පවා සතුටින් කැරකි ගුවනින් ලගටම එවන තත්වයක් උදාවි ඇත.  මෙ සියලු අකාරයේ සන්තෝශ ජනක ක්‍රියාවන් නිසා සතුට දරා ගැනිමට නොහැකිව මගේ හර්දයේ කිරිටක ධමනි අකර්මණය වී හර්දයද වේදනා දෙයි,,, අනෙ අම්මපා මෙහෙව් සතුටක්.......  :( :( :( :(




   මේ ඉතා සන්තොශජනක ක්‍රියා නිසාම අද උදැසන මාගෙ මව් පිය උතුමෝ, රජයේ විශ්ව විදයාල සිහිනය අතහැර දැනට කරගෙන යන SLIIT එකටම යන දෙසට ඔවදන් ලබා දුන් අතර, මම ක්‍රිස්තියානි නොවන බැවින් යලි නත්තල තැගි ලැබිමටද මට කැමැත්තක නැත... එනිසා අයෙත් .....

අනේ දෙවියනේ.... මට නම් ආයෙ අපොස උසස් පෙළ බැරියෝ.......... :( :( :(