Tuesday, December 22, 2009

Complete TASK MANAGER for NOKIA Series60 phones

2 comments
ඔබේ නොකියා ජංගම දුරකථනයේ සියලුම PROCESS පෙන්වන ඒවා අවහිර වී නම් නැවැත්විමට EPOCWARE සමාගමේ Handy Taskman 1.00 මෘදුකාංගය යොදා ගත හැක. DOWNLOAD IT HERE !!!

මෙය REGISTER කර ගැනීමට පහත අංකය යොදන්න . 57923024 – 40339506

Blocking incoming calls in NOKIA Series60 phones

0 comments
ඔබට අවශ්‍ය ලෙස ඔබට අනවශ්‍ය හා කරදරකාරී පුද්ගලයන්ගේ දුරකතථන ඇමතුම් වලක්වා ලීමට EPOCWARE සමාගමේ Handy Blacklist 3.03 මෘදුකාංගය යොදා ගත හැක. DOWNLOAD IT HERE !!!

මෙය REGISTER කර ගැනීමට පහත අංකය යොදන්න . 57758988 - 39971378

Turning the camera sounds OFF !!!

9 comments
ඔබේ ජංගම දුරකථනයේ ඇති කැමෙරාවේ හඬ නැති කිරීමට පහත LINK එක අනුගමනය කර එම මෘදුකාංගය දුරකථනයට ස්ථාපනය කරන්න. DOWNLOAD PATCH!!!

Installing phone softwares with expires certificates !!!

0 comments
ඔබේ ජංගම දුරකථනයට විවිධ වර්ගයේ මෘදුකාංග ස්ථාපනය කිරීමේදී ඔබට නොයෙක් වර Expired Certificate. Contact your system administrator ! යන අයුරින් දක්වා එම මෘදුකාංග ස්ථාපනය කිරීම නවත්වන්න ඇති . දැන් එසේ කිරීම අවැසි නැහැ. දැන් ඒ සදහා BinPDA සමාගමේ SEMAN 1.1 යන මෘදුකාංගය ස්ථාපනය කිරීම සෑහේ. DOWNLOAD IT HERE !!!

එය ඔබේ දුරකථනයේ ස්ථාපනයෙන් අනතුරුව එම මෘදුකාංගය විවෘත කර එහි OPTIONS වල ඇති Turn plat. Security OFF යන යෙදුම තොරන්න. ඉන්පසු Install Root Certificate යන යෙදුම තෝරන්න, ඉන්පසු මෙම මෘදුකාංගය ඔබේ දුරකථනයේ තිබෙන තාක් ඔබට ඕනෑම මෘදුකාංගයක් ස්ථාපනය කල හැක.

Monday, December 7, 2009

Unlocking the LOCK CODE of Nokia mobile phones !!!

2 comments

නොකියා ජංගම දුරකථන පමණක් නොව ඕනෑම ජංගම දුරකථනයක් භාවිත කරන ඕනෑම අයකුට ඇතිවිය හැකි අවශ්‍යතාවයකි මෙය . මෙම ගැටලුවට බොහෝ ලෙසම මුහුණපානුයේ යහලුවන්ගෙන් හෝ වෙනයම් ක්‍රමයකින් පාවිච්චි කරන ලද ජංගම දුරකථන මිලයට ගන්නා අයයි . මෙහි මා විසින් දක්වනුයේ එසේ නොදන්නා කමින් හෝ අමතකවීමකින් එම අංකය නැති අය සඳහා එම අංකය යලි සොයාගැනීමට අකාරයකි.... මෙය මවිසින් අත්හදා බැලූයේ නොකියා 6120c වර්ගයේ ජංගම දුරකථනයකින් බව සලකන්න , තවද මෙය සඳහා වින්ඩෝස් අත්‍යවශ්‍ය වේ .. :(

පළමුව ඔබ විසින් Nokia PC Suite ඔබේ පරිගණකයට ස්ථාපනය කරගත යුතුය . ඉන්පසු ඔබේ ජංගම දුරකථනය ඩේටා කේබලය මඟින් පරිගණකයට සම්බන්ධ කොට එහි PC Suite යන යෙදුම තෝරන්න. ඉන්පසු ස්වයංක්‍රීයව සිදුවන ස්ථාපනය කිරීම් වලට ඉඩදී මඳක් බලා සිට පරිගණකයෙන් ඔබේ ජංගම දුරකථනය විසංධි කරන්න.

මීළඟ පියවර සඳහා Nemesis Service Suite 1.0.38.15 යන මෘදුකාංගය අවශ්‍ය වේ. එය ඔබට මෙම ලින්ක් එක අසුරෙන් බාගත හැකිය . DOWNLOAD IT HERE !!!


එම මෘදුකාංගය ස්ථාපනය කිරීමේදී සිදුකල යුතු අකාර 5ක් ඔබට දක්වයි. එයින් ඔබ තෝරා ගත යුත්තේ USB VIRTUAL DRIVE යන යෙදුමයි. එය ස්ථාපනයෙන් අනතුරුව එම මෘදුකාංගය විවෘත කරගන්න. ඔබේ ජංගම දුරකථනයද පළමු ලෙස ඩේටා කේබලය මඟින් සම්බන්ධ කර ගන්න. ඉන්පසු NEMESIS මෘදුකාංගයේ ඉහළ දකුණු කෙළවරේ ඇති "scan for new device " යන බොත්තම ඔබන්න . එවිට ඔබේ දුරකථනය පරිගණකය විසින් හඳුනාගනී. ඉන්පසුව ඉන් පහළ තීරුවේ වමට වන්නට ඇති " phone info" යන බොත්තම ඔබන්න. ඉන්පසු එයට මඳක් ඔබ්බෙන් ඇති "permanent memory" යන ටැබය තෝරන්න. පසුව එහි ඇති READ යන බොත්තම ඔබන්න. ඉන්පසු පරිගණකය විසින් ඔබේ ජංගම දුරකථනය කියවා යම් ටෙක්ස්ට් ෆයිල් එකක් සෙව් කල තැනක් පෙන්වාවි. එය විවෘත කරගෙන එහි පහලට ගොස්
5=31313131310000000000 වැනි පෙලක් ඇති එය සොයාගන්න. එහි ඇති 3 ඉලක්කම් සහ අග ඇති 0 ඉලක්කම් මකා දැමූ විට LOCK CODE එක ලැබේ. මෙහිදී එය 11111 වේ... මෙය LOCK CODE සිවීමේ නිවැරදිම ක්‍රමයකි . ඔබේ අතපසු වීමකින් සිදුවන හානි සඳහා වග නොකියන බව කරුණාවෙන් සලකන්න …

Wednesday, November 18, 2009

ජීවිතයේ සොඳුරුතම නවාතැන්පල ….

0 comments
ඉපදුණෙමි දිවියේ ආශිර්වාදයේ පහසින් තෙතමනය ලබා ,
ලැබුවෙමි ගින්දරෙහි රක්ත වූ උනුසුමෙහි කලඹා ,
පයෙහි නොගෑවන තරමටම මිහිසක තනවා ,
ජිවිතයේ නවාතැන මට ඔබගෙන් දැනුනා....

දිවියේ මං මාවත් සැකයෙන් පසු කලෙමි ,
ඒ හැර යමක් නොදුටුවෙමි , නොකලෙමි
ජලයේ බොර වූ සේ එළිය දුටුවෙමි ,
අඩ අඳුරේ මෙතක් කල් ගෙවීමි …

මාවත දුරය කටුකය කී නම් හරිය ,
ඇසුනා එබස් ඔබ කී හා මිතුර ,
දැනුනා සිසිල වෑසී රූ දහර ,
මා සිතු ලෙසට වුනි නම් මා අද දෙව්ලොවය ….

නිවසක් සැදීමි ඔබ කිව් ඒ නවාතැනේ ,
ගින්දර ඉවතලා තැබුවෙමි සිසිල් කැටේ ,
ඔබ ගිය දුරක යහතින් සිටිනු දැනේ ,
ඔබේ එක මොහොතින් මගෙ මුලු දිවිය රැඳේ ….............


කවි සිතුවිල්ල by ප්‍රසාද්

විභාගේ 30 වැනිදා නිසා ගෙදර ඉඳන් පාඩම් කරල මහන්සි වෙලාවට ලියපු එකක් .... අවුලක් නෑ නේද???

Sunday, November 15, 2009

Installing softwares inside Linux

3 comments
ලිනක්ස් පාදක කොටගත් මෙහෙයුම් පද්ධති සඳහා DEB හෙවත් ජනප්‍රිය ඩේබියන් ක්‍රමයට බොහෝ මෘදුකාංග ඇතුලත් කරගත හැකිවුවද යම් යම් මෘදුකාංග අපට අන්තර්ජාලයේ සොයා ගැනීමට ලැබෙනුයේ tar ලෙස පමණි. එවිට පහත ක්‍රමය එය සඳහා යොදාගත හැක. පලමුව එම අදාල මෘදුකාංග පද්ධතිය Home Folder වෙතට පිටපත් කරගෙන ටර්මිනලය විවෘත කර ගන්න . ඉන් පසුව පහත වදන් උපයෝගී කරගනිමින් එය ඔබේ ලිනක්ස් පද්ධතියටත් ඇතුල් කරගන්න.

cd (Name of the folder that contains your software)
./configure
sudo make
sudo make install
sudo makecheck

Friday, October 23, 2009

Bisigi Projects for Linux

0 comments
බොහෝ දවසකින් බ්ලොග් ලිවීමට නොහැකි වූ බැවිනුත් අද දින මට නිවාඩු බැවිනුත් යම් කිසි බ්ලොග් සටහනක් තබා යාමට සිත්විණ. Bisigi Projects යනු ලින්ක්ස් පාදක කොටගත් තිර මුහුණත් අලංකරණ පද්ධතියක් වේ . KDE සහිත කුබුන්ටු පද්ධතියට වඩා මෙය GNOME පාදක කොටගත් උබුන්ටු සඳහා යෝග්‍ය වේ යැයි මට සිතේ … මක් නිසාද යත් KDE මෙන් අත්‍යාලංකරණ නොමැති GNOME කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු නොවන බැවිනි . එනමුදු KDE ට වඩා GNOME පද්ධතිය වඩා ස්ථාවර හා පහසු එමෙන්ම වැඩිම උදව් ගනණක් ( Supports ) බව GNOME පාවිච්චි කරන අයගේ මතයයි . මෙම Bisigi Projects මගින් KDE වලට වඩා අලංකාර වූ පහසු සිත් ඇදගන්නා තිර මුහුනත් ලබා ගැනීමේ හැකියාවක් ඇත. අද දින වන විට එහි ඇති තිර මුහුනත් ගණන 38 කි. Google හි Bisigi Projects යන නමින් සෙවුමක් දැමීමේදී ඔබට ලැබෙන පළමු සෙවුමද මෙයයි . මෙය හරියාකාරව ඔබේ ලිනක්ස් පද්ධතිය තුළට ඇතුල් කර ගන්නා අයුරු ලගදීම බලාපොරොත්තු වන්න ,,,,,,,,,,,,,,,,,,,,,

Thursday, October 15, 2009

How to download debian packages easily ...

0 comments

ලිනක්ස් උබුන්ටු හෝ කුබුන්‍ටු පද්ධති යොදා ගත් අයට එන ප්‍රධාන ගැටලුවක් තමා එයට ඕන කරන dependencies සහ lib packages වගේම software debians ( .deb ) ඩවුන්ලෝඩ් කරගන්න හරිහමන් තැනක් නැති වීම .

මේ ගැටලුවට හොඳම පිළිතුර තියන්නේ http://www.packages.ubuntu.com කියන ලින්ක් එකේ තියෙනවා . මේකේ ඕගොල්ලන්ට ඕන කරන ඕනම .deb ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවනි . :ඩී

Saturday, October 3, 2009

Viewing sinhala in ubuntu or kubuntu

0 comments
කුබුන්ටු හා උබුන්ටු සඳහා සිංහල අකුරු පැමිණියද කුබුන්ටු හිදී එය නිවැරදිව ක්‍රියා කරන නමුත් උබුන්ටු හිදී එය නිවැරදිව ක්‍රියා නොකරයි . නමුත් මේ දෙකෙහිම සිංහල යතුරු ලියනය කල නොහැක . ඒ සදහා සිංහල යුනිකේත පද්ධතියක් සම්බන්ධ කර ගත යුතුය . මේ සඳහා සයුර සකසා ගන්නා අයුරු පෙර ලිපියේදී මවිසින් දක්වන ලදී . මෙවර මෙහි දැක්වෙනුයේ සිංහල අකුරු නිවැරදිව දර්ශණය කරගන්නා අයුරු සකසා ගන්නා අයුරු වේ . ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න ...

1) First open the terminal in ubuntu or konsole in kubuntu .

2) Then type sudo bash and enter your login password to computer there when promped .

3) Then type apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule im-switch scim-m17n m17n-db m17n-contrib .

4) Type "y" when promped to yes or not .

5) Next type apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule im-switch scim-m17n m17n-db m17n-contrib language-pack-si-base .

6) Type "y" when promped to yes or not .

7) After all downloaded and installed type " exit " .

8) Finally type rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s scim-immodule

9) Then again type " exit " and restart .

මෙයින් පසු ඔබට සියලුම සිංහල අකුරු බාධාවකින් තොරව දැකබලා ගත හැක .......

Thursday, August 27, 2009

Sinhala for Linux Ubuntu

0 comments
කුබුන්ටු හා උබුන්ටු සඳහා සිංහල අකුරු පැමිණියද කුබුන්ටු හිදී එය නිවැරදිව ක්‍රියා කරන නමුත් උබුන්ටු හිදී එය නිවැරදිව ක්‍රියා නොකරයි . නමුත් මේ දෙකෙහිම සිංහල යතුරු ලියනය කල නොහැක . ඒ සදහා සිංහල යුනිකේත පද්ධතියක් සම්බන්ධ කර ගත යුතුය . විජේසේකර සිංහල යුනිකේත පද්ධතිය ඇතත් එයට වඩා පහසුවෙන් සයුර සිංහල යුනිකේත පද්ධතිය මඟින් සිංහල යතුරු ලියනය කල හැක . මෙය ඔබේ ලිනක්ස් පද්ධතියට යොදා ගන්නා අයුරු පහත දැක්වේ . මේ කාර්යය මා හටද සිද්ධකරගැනීමට අවශය වූ බුද්ධිමය සම්පත් දායකත්වය ලබා දුන් යසිත් විදාන ආරච්චි සහෝදරයා හට මම මේ අවස්ථාවේදී මගේ ස්තූතිය පුදමි .

1 ) http://www.sayura.net/im වෙත පිවිසෙන්න .
2 ) SCIM module is 0.3.3 බාගන්න . Download it here.
3 ) Download brochure here බාගන්න . ( මෙහි අකුරු සටහන් අඩංගු වේ )
4 ) % tar -xzvf scim-sayura-0.3.3.tar.gz
% cd scim-sayura-0.3.3
% dpkg-buildpackage -b

යන්න ටර්මිනලයෙහි ලියනය කර .DEB පැකෙජය නිර්මාණය කර ස්ථාපනය කරගන්න .

මෙය කරගැනීමට අපහසු නම් කරුණාකර මගේ විද්යුත් තැපෑලට දන්වන්න .. ( PRASADACICTS@GMAIL.COM )

Wednesday, August 26, 2009

මිනිසා ගේ උපත හා විපත .. :P

0 comments
ලෝකය ආරම්භ වූ කල්හි දෙවියන් වහන්සේ සතුන් මැවීමෙන් අනතුරුව ඒ එක් එක් සත්වයාට ජීවිත කාලය තීරණය කිරීමේ මහත් ගැටලුවකට මූන පෑහ . ඒ ගැටලුවෙන් මිදීම සදහා එම එක් එක් සතා තනි තනි ව ගෙන්වා තමන්ට අවැසි ජීවිත කාලය ලබාගන්නා ලෙස නියෝග කරන ලදී .

පලමුව පැමිනියේ මොණරාය . දෙවියන් මොණරාට ජීවත් වීමට අවුරුදු 15ක් දුන්නද මොණරා එය ප්‍රතික්ශේප කර අවුරුදු 10ක් පමණක් ලබා ගන්නා ලදී . ඉන්පසුව පැමිණියෙ වදුරා ය . දෙවියන් වදුරාට ජීවත් වීමට අවුරුදු 20ක් දුන්නද වදුරා එය ප්‍රතික්ශේප කර අවුරුදු 15ක් පමණක් ලබා ගන්නා ලදී . තෙවනුව පැමිණියේ නරියා ය . දෙවියන් නරියාට ජීවත් වීමට අවුරුදු 30ක් දුන්නද නරියා එය ප්‍රතික්ශේප කර අවුරුදු 20ක් පමණක් ලබා ගන්නා ලදී . ඉන්පසුව පැමිණියේ වවුලා ය . දෙවියන් වවුලාට ජීවත් වීමට අවුරුදු 10ක් දුන්නද වවුලා එය ප්‍රතික්ශේප කර අවුරුදු 5ක් පමණක් ලබා ගන්නා ලදී . අවසන පැමිණියේ හරකා ය .දෙවියන් හරකාට ජීවත් වීමට අවුරුදු 20ක් දුන්නද හරකා එය ප්‍රතික්ශේප කර අවුරුදු 15ක් පමණක් ලබා ගන්නා ලදී .

එම සියලුම සතුන් ගිය පසු දෙවියන් විසින් ආදම් හා ඒව හෙවත් පලමු මිනිසා උපද්දවන ලදී ( දෙවියන් කල මෝඩම වැඩේ මෙය බව මම සිතමි . ආමෙන් !!) .


දෙවියන් මිනිසාට ජීවත් වීම අවුරුදු 30ක් හා බුද්ධිය ලබා දුනි . නමුත් එයින් නොසෑහුනු මිනිසා තවත් කාලය ඉල්ලා සිටි කල්හෙ දෙවියන් මිනිසා කෙරෙහි අනුකමිපා කර පෙර සතුන්ට දී ඉතිරි වූ ආයු කාලයන් සියල්ල ලබා දුනි . එදා සිට දරුවෙක්ව ඉපදී වවුලෙක් සේ රෑ තිස්සේ ගුටි කමින් පාඩම් කරයි . තවත් වසර 5ක් පමණ මෝඩ ඇඩ් දමමින් මොණර දිවියක් ගෙවයි . තවත් වසර 5ක් පමණ ගොන් මී හරක් වැඩ කරමින් හරකකු සේ දිවි ගෙවයි . පසුව නියම මිනිසකු සේ වසර 30ක් ගෙවා වයසට පත්වේ . අවසන ඔලුවත් පසු පසත් කසමින් පොඩි එවුන් සිනා ගන්වමින් වදුරෙකුගේ සිරි මවා මිය යයි ... :P