Thursday, November 17, 2011

ලිනුක්ස් හි ටර්මිනලයේ භාවිත වන මූලික විධාන ( ගොනු හැකිලීම හා දිග හැරීම් )

0 comments


ලින්ක්ස් සන්ස්කරන වල ඇති මේ ටර්මිනලය හෙවත් Command Line Interface එකේ ගොඩක් අය වැඩ කරන්න හරි බයයි. මොකද අයිකන් එහෙමනෑනේ.. ඔක්කොම තියෙන්නේ ටයිප් කරන්න නිසා. එහෙම බය වෙන්න දෙයක් නෑ. හරිම සාමාන්යයි. සාමාන්යයෙන් ටර්මිනලය ඕපන් කර ගමන් ඉන්නේ Home ෆෝල්ඩරය ඇතුලේ. අපිට ඒකෙන් වෙන තැනකට යන්න ඕනි වෙන කොට cd ලෙස ටයිප් කර අදාල ෆෝල්ඩරය නම ටයිප් කලාම හරි. මෙහි cd හි තේරුම change directory යන්නයි.

උදා - අපි හිතමු Home ෆෝල්ඩරේ අතුලේ තියෙන Movies කියලා ෆෝල්ඩරයකට යන්න ඕනි කියල. එතකොට ටයිප් කල යුත්තේ..

cd Movies  මෙලෙස ට්යිප් කර Enter බොත්තම එබීම් පමණ්යි.

හොදයි, අද බලමු ටර්මිනලය ඇතුලේ ගොනු හැකිලීම හා දිග හැරීම් කරනෙනේ කොහොමද කියලා.  මෙහි දැක්වෙන tar,bz2 හා gz යනු එලෙස ගොනු හැකිලීමට යොදගන්නා ෆයිල් එක්ස්ටෙන්ශ්න් වේ.

1)“bzip filename” – .zip වලින් ගොනු හැකිලීම කරයි
2)“tar cf targer.tar filename1 filename2 filename3” –  පසුව දක්වා ඇති filename1,2,3 යන ඒවා target.tar ලෙස හකුලයි. ( ඔනෑම ෆයිල් ගනනක් භාවිතා කල හැක. )
3)“tar xf filename.tar” – tar ගොනුව දිගහරී.
4)“tar czf target.tar.gz filename” – Gzp.tar සැකසුම සහිත හැකිලීම සිදුකරයි.
5)“tar xzf file.tar.gz” –tar.gz ගොනුව දිග හරී
6)“tar cjf target.tar.bz2 filename” – Bz2 ලෙස සිප් වූ ගගොනුවක් සාදයි.
7)“tar xjf file.tar.bz2” – Bz2 ගොනුව දිග හරී
8)“gzip filename” – .Gz සිප් ගොනුවක් තන්යී.
9)“gzip –d filename.gz” – .Gz සිප් ගොනුව දිගහරී.

0 comments: