Wednesday, August 26, 2009

මිනිසා ගේ උපත හා විපත .. :P

0 comments
ලෝකය ආරම්භ වූ කල්හි දෙවියන් වහන්සේ සතුන් මැවීමෙන් අනතුරුව ඒ එක් එක් සත්වයාට ජීවිත කාලය තීරණය කිරීමේ මහත් ගැටලුවකට මූන පෑහ . ඒ ගැටලුවෙන් මිදීම සදහා එම එක් එක් සතා තනි තනි ව ගෙන්වා තමන්ට අවැසි ජීවිත කාලය ලබාගන්නා ලෙස නියෝග කරන ලදී .

පලමුව පැමිනියේ මොණරාය . දෙවියන් මොණරාට ජීවත් වීමට අවුරුදු 15ක් දුන්නද මොණරා එය ප්‍රතික්ශේප කර අවුරුදු 10ක් පමණක් ලබා ගන්නා ලදී . ඉන්පසුව පැමිණියෙ වදුරා ය . දෙවියන් වදුරාට ජීවත් වීමට අවුරුදු 20ක් දුන්නද වදුරා එය ප්‍රතික්ශේප කර අවුරුදු 15ක් පමණක් ලබා ගන්නා ලදී . තෙවනුව පැමිණියේ නරියා ය . දෙවියන් නරියාට ජීවත් වීමට අවුරුදු 30ක් දුන්නද නරියා එය ප්‍රතික්ශේප කර අවුරුදු 20ක් පමණක් ලබා ගන්නා ලදී . ඉන්පසුව පැමිණියේ වවුලා ය . දෙවියන් වවුලාට ජීවත් වීමට අවුරුදු 10ක් දුන්නද වවුලා එය ප්‍රතික්ශේප කර අවුරුදු 5ක් පමණක් ලබා ගන්නා ලදී . අවසන පැමිණියේ හරකා ය .දෙවියන් හරකාට ජීවත් වීමට අවුරුදු 20ක් දුන්නද හරකා එය ප්‍රතික්ශේප කර අවුරුදු 15ක් පමණක් ලබා ගන්නා ලදී .

එම සියලුම සතුන් ගිය පසු දෙවියන් විසින් ආදම් හා ඒව හෙවත් පලමු මිනිසා උපද්දවන ලදී ( දෙවියන් කල මෝඩම වැඩේ මෙය බව මම සිතමි . ආමෙන් !!) .


දෙවියන් මිනිසාට ජීවත් වීම අවුරුදු 30ක් හා බුද්ධිය ලබා දුනි . නමුත් එයින් නොසෑහුනු මිනිසා තවත් කාලය ඉල්ලා සිටි කල්හෙ දෙවියන් මිනිසා කෙරෙහි අනුකමිපා කර පෙර සතුන්ට දී ඉතිරි වූ ආයු කාලයන් සියල්ල ලබා දුනි . එදා සිට දරුවෙක්ව ඉපදී වවුලෙක් සේ රෑ තිස්සේ ගුටි කමින් පාඩම් කරයි . තවත් වසර 5ක් පමණ මෝඩ ඇඩ් දමමින් මොණර දිවියක් ගෙවයි . තවත් වසර 5ක් පමණ ගොන් මී හරක් වැඩ කරමින් හරකකු සේ දිවි ගෙවයි . පසුව නියම මිනිසකු සේ වසර 30ක් ගෙවා වයසට පත්වේ . අවසන ඔලුවත් පසු පසත් කසමින් පොඩි එවුන් සිනා ගන්වමින් වදුරෙකුගේ සිරි මවා මිය යයි ... :P

0 comments: