Wednesday, November 18, 2009

ජීවිතයේ සොඳුරුතම නවාතැන්පල ….

0 comments
ඉපදුණෙමි දිවියේ ආශිර්වාදයේ පහසින් තෙතමනය ලබා ,
ලැබුවෙමි ගින්දරෙහි රක්ත වූ උනුසුමෙහි කලඹා ,
පයෙහි නොගෑවන තරමටම මිහිසක තනවා ,
ජිවිතයේ නවාතැන මට ඔබගෙන් දැනුනා....

දිවියේ මං මාවත් සැකයෙන් පසු කලෙමි ,
ඒ හැර යමක් නොදුටුවෙමි , නොකලෙමි
ජලයේ බොර වූ සේ එළිය දුටුවෙමි ,
අඩ අඳුරේ මෙතක් කල් ගෙවීමි …

මාවත දුරය කටුකය කී නම් හරිය ,
ඇසුනා එබස් ඔබ කී හා මිතුර ,
දැනුනා සිසිල වෑසී රූ දහර ,
මා සිතු ලෙසට වුනි නම් මා අද දෙව්ලොවය ….

නිවසක් සැදීමි ඔබ කිව් ඒ නවාතැනේ ,
ගින්දර ඉවතලා තැබුවෙමි සිසිල් කැටේ ,
ඔබ ගිය දුරක යහතින් සිටිනු දැනේ ,
ඔබේ එක මොහොතින් මගෙ මුලු දිවිය රැඳේ ….............


කවි සිතුවිල්ල by ප්‍රසාද්

විභාගේ 30 වැනිදා නිසා ගෙදර ඉඳන් පාඩම් කරල මහන්සි වෙලාවට ලියපු එකක් .... අවුලක් නෑ නේද???

0 comments: