Monday, March 22, 2010

Huawei E1550 on Ubuntu

2 comments
මොබිටෙල් සමාගමෙන් ඔවුන්ගේ 3.5G අන්තර්ජාල පහසුකම් සමඟ සපයන විට මා වැනි අඩු මිල සොයන්නන් සඳහා ඔවුන් සතු ලාඟම ඩොන්ගලය වන Huawei E1550 උපකරණය සපයයි. මිලට සාපේක්ශව වැඩි කාර්යක්ශමතාවක් ඇති මෙම උපකරණය micro SD මෙමරි චිපයක් ඇතුලු කිරීමේ සහ 3.6MBPS දක්වා ඉහළ වේගයකට සහයෝගීතාව දක්වයි. මේ නිසා ඩොන්ගලය සමඟ අමතරව තචත් පෙන් උපකරණ රැගෙන යාමේ අවහිරතාව මින් මඟ හැරේ. මෙය උපතින්ම වින්ඩෝස් සඳහා නිපැයුවක් අතර ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග සංයුක්ත තැටයකින් තොරව එම උපකරණයේම ROM Drive තුල අන්තරිගත කර ඇත. සැබැවින්ම මෙය කරදර රහිත all-in-one උපකරණයකි. මෙය උබුන්ටු පද්ධති තුල ස්ථාපනයට පහත පියවර අනුගමනය කරන්න.

ඔබේ උබුන්ටු 9.10 ට වඩා පැරණි නම් පහත කේතය ටර්මිනලයේ ඇතුලත් කරන්න.
sudo apt-get install udev-extras

ඉන්පස එහිම පගත කේතය ඇතුලත් කරන්න.
gksu gedit /etc/udev/rules.d/15-huawei-e1550.rules

ඉන්පසු ස්වයංක්‍රීයව විවෘත වන gedit මෘදුකාංගයේ පහත සඳහන අලවා සේව් කරන්න.
SUBSYSTEM=="usb",
SYSFS{idProduct}=="1446",
SYSFS{idVendor}=="12d1",
RUN+="/lib/udev/modem-modeswitch --vendor 0x12d1 --product 0x1446 --type option-zerocd"

දැන් ඔබ ඩොන්ගලය ඇතුලු කර Network Manager හි Mobile Broadband ටැබයෙන් අලුත් connection එකක් සාදා ගන්න. කරුණාකර ඔබේ අදහස් පල කරන්න........

2 comments: