Saturday, December 31, 2011

ලිනක්ස් සමඟ තවදුරටත්... ෆයිල් ඇන්ඩ් ෆෝල්ඩර් කමාන්ඩ්ස්...

2 comments
 
සුභ නව වසරක් වේවා සැමටම.... අද රැයෙන් 2011 ඉවර වෙලා 2012 ලබනව... ඉතින් ලබන්නා වු මෙ නව වසර පරිගනක මිල අඩුවන, ඉන්ටර්නෙට් වේග වැඩිවෙන, විදුලි බිල අඩුවන සාමයෙන් සතුටින් පිරි නව වසරක්ම වේවා.... :D




  1. cp fileA fileB මෙහිදි fileA යන ගොනුව fileB ලෙස වෙනත් නමකින් එම fileA පවතින තැනේම සේව් කිරීම සිදුවෙනවා. ඔබට අවැසි නම් වෙන තැනක සේව් කරන්න, fileB ට කලින් පාත් එක ලබා දිය යුතුයි... උදා - cp fileA /media/”disk_drive_name/fileB
  2. cp -r dirA dirB මෙහිදී තනිකරම ෆොල්ඩරය කොපි වීම සිදුවේ...
  3. mv fileA fileB ගොනු හුවමාරු කිරීම... ( මූව් කිරීම )
  4. ls ෆෝල්ඩරයක ඇති සියලුම ෆයිල් සහ ෆෝල්ඩර පෙන්වයි..
  5. ls -al සියලුම සැගවුන ෆයිල් ෆෝල්ඩර පෙන්වයි.
  6. pwd මෙහි තේරුම Print Working Directory යන්නයි. මෙයින් දැනට ඉන්නා ඩිරෙකට්‍රි එක පෙන්වයි.
  7. mkdir folder_name_you_want නව ෆෝල්ඩර සැදීම'
  8. rm filename ෆයිල් මැකීම
  9. rm -r directory_name ෆෝල්ඩර මැකීම
  10. more filename මෙහිදි අදාල ෆයිල් එකේ අන්තර්ගතය පෙන්වයි... ( ටෙක්ස්ට් ෆයිල් ආදිය )


    ඊලග ලිපියෙන් නෙට්වර්ක් සඳහා වැදගත් වන දෑ කිහිපයක් එකතු කරන්නම්..

2 comments: