ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න බැරි උනා. මේක ලියන්න ඔනි වෙලා තිබ්බෙ මීට ගොඩක් කලින්. නමුත් කතාවක් තියෙනවනෙ " යු ආර් නොට් ටූ ඕල්ඩ් ටු ඩූ එනිතින්ග් යූ වෝන්ට් ටු ඩූ " කියාල :P :P
ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ අපිට C++ කරන්න තියෙන්නෙ Linux environment එක උඩ g++ භාවිතයෙන්. ඉතින් ගොඩක් අය Linux කියන දේ දැක්කෙත් SLIIT එකට අවාට පස්සෙ මගෙ හිතෙ.. ඉතින් මෙව්ව ප්‍රැක්ටිස් කරන්න ගෙදර ගිහින් උබුන්ටු, ෆෙඩෝරා දාගත්තම ගොඩක් අයට ගැටලු මතු උනා.... මොනාද ඒ????
- vim එඩිටරයේ ලියන C++ ප්‍රෝග්‍රැම් වැඩ නොකිරීම
- ncurses වැඩ නොකිරීම
- ලියන කෝඩ් පාට නොවීම
- උබුන්ටු වලදී ඇරෝ කීස් එබූ විට A B ආදී අකුරු ප්‍රින්ට් වීම.
ඇයි මෙහෙම වෙන්නෙ????
- g++ කොම්පයිලරය ඉන්ස්ටෝල් කර නොතිබීම
- ncurses යනු C++ වලට අදාල library එකක් නොවේ, එය වෙනම ඉන්ස්ටෝල් කර ගත යුතුයි
- දැන් එන අලුත් උබුන්ටු හා ෆෙඩෝරා වල ඇත්තේ සීමා සහිත අසම්පූර්ණ vim එඩිතරයකි.. එනිසා සම්පූර්ණ එක ඉන්ස්ටෝල් කර ගත යුතුය.
- ඉහත හේතුවමයි..
මෙව්වා හදා ගන්නෙ මෙහෙමයී....
උබුන්ටු වලදී නම් මේ කෝඩ් ටික ටර්මිනලයේ ඇතුලත් කරන්න ( අන්තර්ජාලය අනිවාර්යයි )
sudo bash ( මෙය ටයිප් කර එන්ටර් කල විට ඔබේ මුරපදය ඉල්ලාවි.. එය ලබා දෙන්න. )
apt-get install g++
apt-get install ncurses-dev
apt-get install vim
ෆෙඩෝරා වලදී....
su - ( මෙය ටයිප් කර එන්ටර් කල විට ඔබේ මුරපදය ඉල්ලාවි.. එය ලබා දෙන්න. )
yum install gcc gcc-c++ make
yum install ncurses-devel
yum install vim-enhanced
දැන් සියලු දෝශ නිවාරණයී :)
http://www.codeblocks.org/downloads/26#linux