Wednesday, November 9, 2011

ලිනක්ස් හිදී Nvidia Optimus තාක්ශණය Bumblebee මගින් ක්‍රියා කරවමු!

0 comments

දැන් වසරක පමණ සිට Nvidia නිකුත් කරන ලැප්ටොප් VGA වල Optimus නම් තාක්ශණයක් අන්තර්ගතව තිබෙනව. මෙය වින්ඩෝස් සදහා සහය දක්වන මුත්, ලිනක්ස් සදහා සහය නොදක්වයි. මේ සදහ නිර්මාණ්ය වූ මෘදුකාන්ගයක් තමා Bumblebee...

මොකක්ද මේ Nvidia Optimus කියන්නේ?

සාමාන්යයෙන් VGA වලට් ලොකු විදුලියක් වැය වෙනවා. ඉතින් බැටරි වලින් වැඩ කරන ලැප්ටොප් වලට එක ලොකු පාඩුවක්. එනිසා අවශ්‍ය වෙලාවට පමණක් external VGA එක ඔන් වෙන්නත් අනිත් වෙලාවට intenal VGA එක ඕන් කිරීමත් තමා මේකෙන් වෙන්නේ.

උදා ; අපි හිතමු අපි ගේම් එකක් සෙල්ලම් කරනව් කියල? එතකොට් ඕන් වෙන්නේ Nvidia VGA එක.. අපි ම්යික්රොසොෆ්ට් වර්ඩ් වලින් මොන හරි ටයිප් කරනව කියල හිතමු? එතකොට වෙන්නේ Nvidia VGA එක ඕෆ් වෙලා internal VGA එක ඕන් වෙන එක.


ඉතින් අපිට මොකෝ????

ඉතින් මොකෝ තමයි... මේ තාක්ශණ්ය නැතිනම්...

  1. ඔයාගේ ලැප්ටොප් බැට්රිය් ඉක්මණින් බහිනව.
  2. වැඩි වැඩියෙන් වර්ජ් කරන කොට් බැටරියෙ ආයු කාලය අඩු වෙනව
  3. නිකන් අපරාදෙ විදුලිය වැයවෙනව්
  4. ලැප්ටොප් එක රත් වෙනච්
  5. දීර්ග කාලීනව් රත් වීමෙන් ලැප්ටොප් එකේ ආයු කාලය අඩු විය හැකියි


මේ නිසා ඔබත් ලිනක්ස් බාවිතා කරන්නෙක් නම්, මේ Bumblebee දමාගන්න... අන්ත්ර්ජාල පහසුකම් තිබිය යුතුයි :)

පළමුව nvidia drivers බාගත් යුතුය. එයට Administration හි Additional Drivers ට ගොස් Activate බොත්තම ඔබන්න. එවිට අන්තර්ජාලයෙන් එය බාගත වී ඉන්ස්ටෝල් වනු ඇත.



    ඉන් පසු....

  1. ඔබේ ටර්මිනලය ගන්න.
  2. Root user ලබා ගන්න ( Type sudo bash )
  3. sudo add-apt-repository ppa:bumblebee/stable ලෙස ටයිප් කර එන්ට කරන්න.
  4. sudo apt-get update
  5. sudo apt-get install bumblebee

ඉහත ඒවා පිලිවෙලින් අතුලත් කරමින් යන්න. අසන ප්‍රශ්න වලට අදාල ඔබේ ලැප්ටොප් එකේ සැකසුම් ලබා දෙන්න. එය සෑම් විටම YES / NO ආකාරයේ ප්‍රශ්න බැවින් බිය විය යුතු නැහැ. මෙය තවම සාර්තකව සෑම nvidia vga සහිත ලැප්ටොප් සියල්ලගේම ක්‍රියා නොකරයි. කිසිදු ගැටලුවක් නොමැතිව ස්ථාපනය වූයේ නම් ඔබේ ලැප්ටොපයේ සාර්ථකව ක්‍රියා කරන බව ඔබට සහතික විය හැක. සාර්ථකව ස්ථාපනය වූයේ නම් ලැප්ටොපය රත් වීමේ අඩුවක් හා බැටරි කාලය වැඩිවීමක් දැකිය හැක. ගැටලු යොමු කරන්න. ඔබට ජය.. :)

0 comments: